ලොව පුරා තහනම් ව්‍යායාම රැසක් ලංකාවේ පාසැල් තුල..

0
916

Exercise

ලොව පුරා තහනම් කර ඇති ව්‍යායාම ක්‍රම රැසක්‌ ශ්‍රී ලංකාවේ පාසල් ශාරීරික ව්‍යායාම සඳහා භාවිත කරන බව ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබඳව විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න මහතා පැවැසීය.

ඇමරිකානු ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලය සහ එංගලන්ත ක්‍රීඩා වෛද්‍ය විද්‍යාලය විසින් සහ හමුදා ශාරීරික ව්‍යායාම අභ්‍යාස වලින් ඉවත් කළ යුතු බවට ව්‍යායාම ක්‍රම 108 ක්‌ නම් කර ඇති බවත් ඒවා දියුණු රටවල්වල මේ වන විට තහනම් කර ඇති බවත් වෛද්‍ය විජයරත්න මහතා පවසයි.

එම ව්‍යායාම අතර බෙල්ල කර කැවීම, කොන්ද නමා කකුලේ ඇඟිලි ඇල්ලීම, දණහිස කර කැවීම. මුනින් අතට බිම දිගාවී අත්වලින් කකුල් පිටු පසට නැවීම වැනි ව්‍යායාම ක්‍රම ඇතුළත්ව ඇතැයි පැවසූ වෛද්‍ය විජයරත්න මහතා මෙම ව්‍යායාමවල යෙදීමෙන් කොඳු ඇට පෙළ සහ ස්‌නායු පද්ධතියේ ආබාධ ඇතිවීමේ අවදානමක්‌ ඇතිවන බවට හඳුනාගෙන ඇතැයි ද කීවේය.

නමුත් මෙම අනතුරු දායක ව්‍යායාම මෙරට පාසල්වල ශාරීරික ව්‍යායාම සඳහා බහුලව යොදා ගැනීමෙන් පාසල් දරු දැරියන් කොඳු ඇට පෙළ ආශ්‍රිත ආබාධවලට ලක්‌වීම සහ ස්‌නායු ඇදීම නිසා මතුවන අතපය වේදනාවට ලක්‌වීමේ අවදානමක්‌ ඇති බවද සඳහන් කළේය

 

 

http://lankaevoice.com