මෙරට මුහුුදු කලාපයේ ධීවර සම්පත් ප්‍රමාණය සෙවීමට සමීක්ෂණයක්..

0
115

ශ්‍රී ලංකා මුහුදු කාලපය සතු ධීවර සම්පත් ප්‍රමාණය නැවතත් සමීක්ෂණය කිරීමට ධීවර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මින් පෙර එවැනි සමීක්ෂණයක් පවත්වා ඇත්තේ වසර 38කට පෙර 1978 වසරේදීයි.

මෙරට සතු මසුන් ප්‍රමාණය,වදවීයාමේ තර්ජනයක් සහිත මසුන්,තවදුරටත් වගා කල යුතු මත්ස්‍ය විශේෂ පිලිබදව මෙන්ම විවිධ මුහුදු ජීවීන් හා මුහුදු පැලෑටි පිලිබදවත් මෙහිදී සමීක්ෂණය කෙරෙනු ඇති.ධීවර අමාත්‍යංශය,නාරා ආයතනය මෙන්ම නෝවේ රාජ්‍යයත් මේ සමීක්ෂණය සදහා සහභාගී වීමට නියමිතයි. මේ සදහා පූර්ණ මූල්‍ය ආධාර ලබා දෙන්නේ නොර්වේ රාජ්‍යය වන අතර,මෙම සමීක්ෂණ කටයුතු ලබන ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතයි.

EEZ

 

news.lk ඇසුරිණි.