දංකොටුවේ යූනියන් ඇපරල් පාලකයෝ සේවකයින්ගේ ප්‍රවාහන සේවා අත්හිටුවයි

0
153
ඡායාරූප -චන්දන ප්‍රනාන්දු
ඡායාරූප -චන්දන ප්‍රනාන්දු
දංකොටුව -මාවතගම යූනියන් අැපරල්
ඡායාරූප -චන්දන ප්‍රනාන්දු

දන්කොටුව මාවතගම කර්මාන්ත පුරයේ පිහිටි යූනියන් ඇපරල් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන්ට ඊයේ 20 සවස සිට ප්‍රවාහන පහසුකම් නවතාලීම නිසා නිවෙස්වලට යාමට නොහැකි වු සේවක සේවිකාවන් එම කර්මාන්තශාලා භුමියේ විරෝධතාවක නිරතව සිටිති.
මෙම ප්‍රවාහන පහසුකම් හදිසියේ අත්හිටුවීම නිසා දැඩි අසරණ තත්වයකට පත්ව සිටි හලාවත බිංගිරිය ආණමඩුව කුලියාපිටිය වැනි ප්‍රදේශවල සිටි රැකියාවට පැමිණෙන සේවක සේවිකාවන් කර්මාන්තශාලා භුමියේ ඊයේ රාත්‍රි යේ සිට අද 21 දහවල් වන තෙක් ගත කර ඇත.
මෙම  තත්ත්වය නිසා ෆැක්ටරියේ පාලකයින් සහ සේවකයින්  අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී ඇත.  හදිසියේ ප්‍රවාහන පහසුකම් නවතා මේ උත්සහය තමන්ව සේවයෙන් ඉවත් කර පාලකයන් කර්මාන්තශාලාව වසා දැමිමේ සුදානමක්ද යන්න සැකයක් පවතින බව නම හෙළි කිරිමට අකමැති සේවකයෙක් පැවසීය.14390908_1300935963282467_8094459567372610245_n
ප්‍රවාහන පහසුකම් නවතාලීම නිසා නිවෙස් වලට යාමට නොහැකි වු සේවකයන්ට අවට සිටි ප්‍රදේශවාසින් හා සේවකයන් අහාර ලබා දි ඇති අතර එම ස්ථානයට පැමිණි වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා හා කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සේවකයන් හා පාලකයන් අතර සකච්ජා කොට විසඳුමක් ලබා දෙන්නට උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවිම නිසා හලාවත ජේයෂ්ඨ පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා වෙත මෙම ගැටළුව ඉදිරිපත් කිරිමෙන් පසුව සේවක නියෝජිතයන් හා පාලනාධිකාරිය සකච්ජාවක නිරත වෙමින් සිටියහ මේ සම්බන්ධයෙන් ඇඟලුම් කර්මාන්තශාලා පාලනාධිකාරියෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය සාර්ථක නොවිය තමන්ගේ ප්‍රවාහන පහසුකම් හදිසියේ කප්පාඩු කිරිමට විසඳුමක් නොලැබුණහොත් මෙයට වඩා දැඩි විරෝධයකට යන බව සේවකයන් පැවසුහ.

චන්දන ප්‍රනාන්දු
https://www.facebook.com/photo.php?fbid=1300935963282467&set=pcb.1300936026615794&type=3

Save