අකිලගේ සාරිය සහ ඉතාලියේ කොට කලිසම ?

0
61

italy studentපාසල් තුළට පැමිණීමේ දී සාරි ඇඳීම අනිවාර්ය කරමින් සිසුන්ගේ මව්වරුන්ට විදුහල්පතිවරුන් විසින් පනවා ඇති නීති ඉවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නියෝගයක් නිකුත් කර තිඛෙන බව නෙත් වෙබ් අඩවිය පවසා සිටි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිව්ස් වෙත කියා ඇත්තේ  ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ අනෙකුත් බලධාරීන් දැනුවත් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දුන් බවයි.

කොළඹ ඇතුළු නගරාසන්න ප්‍රදේශවල බොහෝ කාන්තාවන් රැකියවල නිරත වන බවත්,ඔවුන්ගේ රැකියා ස්ථාන වලට අනන්‍ය වූ ඇඳුම් තිබෙන බවත් සාරිය පමණක් නොඅඳින බවත්, එම නිසා මවක් පාසලට පැමිණීමේදී විධිමත් ඇඳුමකින් සැරසී පැමිණීම පමණක් ප්‍රමාණවත් බවත් මින්පසු පාසල් වලට එය තීරණය කළ නොහැකි බවත් මේ සම්බන්ධව අදහස් පළකරමින් අමාත්‍යවරයා පැවසු බව නෙත් නිව්ස් හි සදහන්ය.
මේ අතර ඉතාලියෙන් වාර්තා වන්නේ එහි විශ්ව විද්‍යාල සිසුන් පමණක් නොව එහි ආචාර්ය මණ්ඩලය පවා කොට කලිසම් ඇති විශ්ව විද්‍යාල සිසුන්ට ඉගැන්විම සදහා පැමිණෙන බවය.
බ්‍රෙෂියා නගරයේ ඉගෙනුම ලබන ශ්‍රිලාංකික සිසුවෙකු මීපුර වෙබ් අඩවියට  කියා සිටියේ තමන්ගේ ආචාර්ය මණ්ඩලයේ සිටින ගුරුවරියන් පවා කොට අත් නැති සැහැල්ලු ඇදුම් ඇද  ඉගැන්විමේ කටයුතු සදහා පැමිණෙන බවය.

 

Save