කාන්තාවගේ රන්මාලයක් සොරාගත් තරුණයාට වැඩ වරදී.

0
216
181813088

තල්දෙක ප්‍රදේශයේ කාන්තාවකගේ රන් මාලයක් කඩා යාම සම්බන්ධයෙන් සැකපිට  24 සවස තරුණයෙක් හා යතුරුපැදියක් අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි. ඉකුත් 19 දා උදැසන තල්දෙක ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි 57 හැවිරිදි කාන්තාවකගෙන් මාර්ගයක නමක් අසන මුවාවෙන් යතුරු පැදියකින් ආ දෙදෙනෙක් රුපියල් හැටදාහක් පමණ වටිනා රන් මාලයක කඩාගෙන යාම සම්බන්ධයෙන් ලැබු පැමිණිල්ලක් මත සිදුකල පරික්ෂණයකින් අනතුරුව සැකකරුව හා යතුරු පැදිය අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම රන්මාල සොරකමට සම්බන්ධ අනෙක් සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහුව අත් අඩංගුවට ගැනිමට පරික්ෂණ සිදු කරමින් සිටින බව පොලිසිය කීය. මෙම සැකකරුවන් දැඩි ලෙස හෙරොයින් වලට ඇබ්බැහි වුවන් බවත් දෙදෙනාගෙම මා පියන් ඉතාලියේ රැකියාවන් කරන්නන් බවත් මෙම රන්මාල සොරකම් කර ඒ මුදලින් හෙරොයින් පානයට පුරුදු වි ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසියේ කිය. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුදුසිංහ උප පොලිස් පරික්ෂක ඊරියගොල්ල සැරයන් වරුන් වන ජයන්ත ,තිලකසිරි ,කොස්තාපල් බන්දුල, ඉන්දික , සනීර , බණ්ඩාර යන නිළධාරින් මෙම වැටලීම කර තිබේ.

Young man in handcuffs

 

චන්දන ප්‍රනාන්දු