ජපානේ අයට free wifi නෑලු.

0
120

ජපානය ලෝකය තුල වඩාත් වේගයෙන් දියුණු වූ රාජ්‍යයක් ලෙස සියළු දෙනාම පිලිගත්තත් ලොව පුරා දියුණු රටවල් වල සාමාන්‍ය ජනතාව බුක්තිවිදන නවීන විද්‍යාවේ ඇතැම් පහසුකම් ජපාන ජනතාවට මේ වන තෙක් බුක්ති වීදීමට අවස්ථාව හිමිවී නැති බවයි වාර්ථා වන්නේ. ඒ අතරින් නොමිලේ ලබා දෙන wifi තාක්ෂණය ප්‍රධානයි. ජපානය තුල පොදු ස්ථාන වල  wifi පහසුකම ලබා දීමට එරට රජය මේ වන තෙක් කටයුතු කර තිබුනේ නැහැ. එසේ wifi භාවිතා කල හැකි වූයේ තමන් භාවිතා කරන දුරකථන සමාගම සමග යම් එකගතාවයකට පැමිණි පාරිභෝගිකයන්ට විතරයි.

නමුත් පසුගිය සැප්තැම්බර් මස 16 වන දින විශේෂ ප්‍රකාශයක් කරමින් ජපාන රජය කියා සිටියේ ජපානය වෙත පැමිණෙන විදේශීය සංචාරකයන් සදහා wifi hotspots පිහිටුවීමට තම රජය තීරණය කල බවයි. එම නිසා ජපානය වෙත පැමිණෙන සංචාරකයින්ට wifi නොමැති වීමෙන් ඔවුන් මේ තාක් මුහුණ දුන් කරදරවලට තවදුරටත්  මුහුණ දීමට අවශ්‍ය නොවන බවත්, වඩාත් සාර්ථක සංචාරයක් ජපානය තුල අවසන් කිරීමට ඔවුන්ට හැකි වනු ඇති බවත් ජපාන රජය කියා සිටිනවා. නමුත් මේ පහසුකම හිමිවන්නේ සංචාරකයින්ට පමණක් බවතත් රජය වැඩිදුරටත් පවසා සිටිනවා. ඒ කියන්නේ ජපානය තුල ජීවත් වන පුද්ගලයින් හට මේ පහසුකම හිමි වන්නේ නැහැ.

ජපාන රජයේ මේ තීරණය පිලිබදව තම ප්‍රසාදය පල කරන සංචාකයින්ගේ අදහස වන්නේ ජපන් වැසියන්ටත් මේ පහසුකම සලසා දීම සුදුසු බවයි.

hqdefault

 

www.globalvoice.com ඇසුරිණි.