මීගමුවේ මහින්ද පිළේ මැතිවරණ සටන මෙහෙයවන්නේ හිටපු නගරාධිපතිද ?

0
76

jayaweera 1මීලග පලාත් පාලන මැතිවරණය පවත්වන දිනය ස්ථීර නැතත් ලබන වසරේ මාර්තු මැදදී එම මැතිවරණය පැවැත්විය හැකි බව  මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත. දැන් දැන්ම මැතිවරණ උණුසුම පටන්ගෙන ඇති අතර මේ ලගදී හිටපු බස්නාහිර පලාත් සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති රැස්වීමකදී එයට සහභාගි වූ පලාත් පාලන නියෝජිතයන් අමතා හිටපු හැම පලාත් සභා නියෝජිතයෙකුටම මහින්ද පිලෙන් තරග කිරීමට නාමයෝජනා ලබා දෙන බව රණතුංග මහතා පවසා ඇත. එබැවින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ( මෛත්‍රි පිල) කැදවා ඇති අපේක්ෂකයන් තේරීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි නොවන්නැයි ඔහු පවසා තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ වගකීම තමා වෙත ලබා දී ඇති බවත් ඒ නිසා සියළු දෙනා එක්වී ජයග්‍රහන ලබා ගත යුතු බවද පවසා තිබේ.
මෙහිදි කථා කළ හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය මීගමුව ශ්‍රිලංනිප ප්‍රධාන සංවිධායක සරත් කුමාර ගූණරත්න මහතා මීගමු ශ්‍රිලනිප සංවිධායක ධූරයට අළුතෙන් පත් කල ලලිත් මහතා ගැන විරෝධය පල කළ අතර අළුත් සංවිධායකවරයෙකු පත්කිරීමේ අවශ්‍යතාවය තිබුණේ නම් ශ්‍රිලනිප දේශපාලනයේ යෙදී සිටි හිටපු මීගමු නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා පත් කළේ නම් තමා සතුටු වන බව ප්‍රකාශ කර ඇත.
මහින්ද පිලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සටහන් කරනුයේ මීගමු නගරසභා ඡන්දය මෙහෙයවීමේ නායකත්වය හිටපු නරාධිපති ඇන්ටනී ජයවීර මහතාට ලබා දීමට කටයුතු කරමින් සිටින බවකි.
කෙසේ වෙතත් පසුගිය පිල් බෙදිමේදි මීපුර විසින් හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීරගෙන් තමන්ගේ සිටින්නේ කොයි පිළේ දැයි විමසා සිටි අවස්ථාවෙදි ඔහු කියා සිටියේ තමන් සිටින්නේ කාගේ පිළේ දැයි ප්‍රකාශ නොකර සිටියේය.
මේ අතර පසුගිය කාලය තුල මහින්ද පිල මීගමුව තුල සංවිධානය කිරිමට මහත් වෙහෙසක් ගත් හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන  මහතා ඇතුලූ කණ්ඩායමක් ජයවීර මහතා සහ දයාන් ලාංසා මහතා වෙත සිය විරෝධය පළ කර ඇත.
මීගමු නගරසභා භූමියේදී මාධ්‍යවේදී ෆ්‍රෙඩී ගමගේ මහතාට පහර දීමේ සිද්ධියත්, මීගමු වෙරළ උද්‍යානය කාමච්චෝඩෙයි මාළු වෙළද පල සහ මීගමුවේ රජයේ දේපල අවභාවිතා කරන ලාංසා පවුලේ කිසිවෙකුට නාම යෝජනා දියයුතු නැතැයි සමහර මන්ත්‍රිවරු පවසා ඇත.
එමෙන්ම කුරුණෑගල ශ්‍රිලංනිප රැළියට සහභාගි වූ ලාංසාගේ කණ්ඩායම පසුදින මහින්ද රාජපක්ෂ පිළිගැනීම සදහා ගුවන් තොටුපලටද ගොස් ඇත. මෙම දෙබිඩි පිළිවෙත ගැන ශ්‍රිලංනිප දෙපැත්තේම අය තුල ඇත්තේ මහත් කළකිරීමකි. නිමල් ලාංසාගේ දවල් මිගෙල් රෑ දැනියෙල් ප්‍රතිපත්තිය දැන් කරලියට පැමිණ ඇත.
උගත් බුද්ධිමත් මීගමු ඡන්දදායකයින් බලාපොරොත්තුවන්නේ මේ කප්පම් කල්ලියෙන් සහ බඩගෝස්තරවාදීන්ගෙන් මීගමුව බේරා ගැනීමට කාලය පැමිණ ඇති බවකි.

වින්සන් ප්‍රනාන්දු