වැල්ලිවීදියෙන් පටන්ගත්තු ලංසාගේ දේශපාලන ගමන ඉවර වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්ද ? හිරගෙදරින්ද ?

0
54

NImal lansa 10ලගදිම අත්අඩංගුවට ගන්නට යන නියෝජ්‍ය ඇමතිවරයෙක් ගැන ප්‍රවෘත්තියක් පළවිමත් සමගින් ඒ ඇමතිවරයා කව්ද යන්න ගැන මේ වන විටත් මාධ්‍ය විසින් ඉගි පළකරන්නට පටන් ගෙන තිබේ.
මේ අනුව නියෝජ්‍ය අමැති නිමල් ලංසා බොහෝ විට ඉදිරි දින කිපය තුලදි අත්අඩංගුවට ගනු ඇත.
සෙරප්පු පළැද දේශපාලනයට පැමිණි නිමල් ලංසා නැමැති ඒ තරුණ දේශපාලකයාට එදා තිබුනේ මීගමුව සංචාරක පුරයේ  කොමියුනිකේෂන් එකක් පමණි.
දශකයක් ඉක්ම යද්දි සුපිරි ග්‍රැන්ඩිසා හෝටලය ඇතුළු තවත් හෝටල් ගණනාවක හිමිකරුවෙකු වන්නට දැන් ලංසාට හැකිය තිබේ.
ඔහුගේ වැඩිමහල් පුතු දැන් ඉගෙනුම ලබන්නේ ඕස්ට්‍රේලියාවේය.මේ දිනවල ඇමති නිමල් ලංසාද නිතරම එහි යනඑන බවද සැලය.
ඊයේ දිනයේදි ඔහු ඕස්ට්‍රෙලියාව බලා ගොස් තිබුණි.
මේ අනුව ඉදිරි දින කිපය තුලදි  ඇමති නිමල් ලංසාගේ මේ අතිසුපිරි ධනකුවේරයෙකුවිමේ කථාව ප්‍රසිද්ධියට පත්විමට නියමිතව තිබේ.එය ඔහුගේ දේශපාලන ජිවිතයේ කඩඉමද ලකුණු කොට තබනු ඇත.
එයට ඇත්තේ කාලය පිළිබදව ගැටළුවක් පමණි.