සිරියාවේ 7හැවිරිදි දැරියකගේ හඬක්…

0
264

වර්තමානය වන විට සිරියානු භූමි ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යුධ ගිණිදැල් වලින් දැවෙමින් පවතිනවා. කැරලිකරුවන් හා සිරියානු රියේ හමුදා අතර පවතින යුද්ධයට අමතරව රුසියානු මැදිහත් වීමත් නිසා එරට ජීවත් වන ජනතාවට ගමන්ගේ ජීවිතය පිලිබදව මේ වන විට කිසිදු බලාපොරොත්තුවක් ඉතිරී වී නැහැ. නමුත් එලෙස දැඩි පීඩනයකට හා මරණ බියෙන් වෙව්ලන ජනතාව අතරින් සිරියාව හා තමන්ගේ සහෝදර ජනතාව වෙන ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට කටයුතු කරන පුද්ගලයින් කිහිප දෙකෙුත් වරින් වර සමාජ ජාල වෙබ් අඩවි මගින් තමන්ගේ අදහස් හා අත්දැකීම් බෙදා ගනිමින් සිටිනවා.

ඒ අතරින් මේ දිනවල ජත්‍යන්තර මාධ්‍යන්හී අවධානය වැඩි වශයෙන් දිනා ගැනීමට සමත් වී ඇත්තේ අවුරුදු 7ක් පමණ වයසැති “බානා” නැමැති සිරියාවේ ඇලප්පෝ නගරයේ වෙසෙන දියණියක්. twitter ගිණුමක් හරහා ඇය තමන් හා තමන්ගේ පවුලේ සාමාජිකයන් දිනෙන් දින මුහුණ දෙන ඇත්දැකීම් පිලිබදව කථා කිරීමට පටන් ගෙන තිබෙනවා. ඇයගේ 5 හැවිරිදි හා 3 හැවිරිදි සහෝදරයන් දෙදෙනා මෙන්ම ගුරුවරියක් වන ඇයගේ මවත් මෙහිදී ඇයට සහයෝගය දක්වනවා.

qdfYp8Kt_400x400

බානා හා සහෝදරයන් දෙදෙනා
බානා හා සහෝදරයන් දෙදෙනා

රුසියානු හා සිරියානු හමුදා විසින් සතියක වරක් අනිවාර්‍යයෙන් එල්ල කරන බෝම්බ ප්‍රහාර වලින් බානාගේ නිවසට අසල ඇති නිවසක් සමුපූර්ණයෙන්ම විණාශ වී තිබෙනවා.එම ප්‍රහාරයෙන් බානාගේ මිතුරියක්ද ජීවිතක්ෂ්‍යට පත්වී තිබෙනවා. තමන්ගේ සහෝදරයන් දෙනො සමග එකට හිදිමින් ඇය පවසන්නේ ඔවුන් හැමදැටම ඒ ආකාරයෙන් එකට සිටින බවයි. එලෙසම ඔවුන් යුද්ධය අමතක කිරීමට පොත් කියවමින් හා චිත්‍ර අදිමින් කල් ගෙවන බවත් බානා පවසනවා. @alabedbana twitter ගිණුම හරහා තමන්ගේ අත්දැකීම් බෙදා ගන්නා බානාගේ මවත් එක්වී සිටිනවා. බානාගේ මව  BBC සමග පැවැති සාකච්ඡාවකදී පවසන්නේ බානාට අවශ්‍ය වන්නේ අපගේ හඩ ඇසෙන පිරිසක් වෙත කථා කිරීම  බවයි. “අැයි අපිට කවුරුත් උදව් කරන්නේ නැත්තේ?” ලෙස ඇය නිතරම තමන්ගේන විමසන බව බානාගේ මව පවසනවා.

සිරියානු ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බානාගේ twitter ගිණුමේ පලවන ඇතැම් පණිවිඩ අැතැමුන් විසින් විවේචනය කරන අතර බානා විසින් බොරු ගිණුමක් පවත්වාගෙන යන බවටත් චෝදනා කරමින් සිටින බව බානාගේ මව පවසනවා. තවදුරටත් ඇය පවසන්නේ තමන්ගේ දරුවන් තවමත් වාසානාවන්ත වූවත් බානා විසින් ඇයගේ මිතුරියන් බෝම්බ ප්‍රහාර වලින් මිය යන ආකාරය මෙන්ම තමන්ගේ පාසල බෝම්බ ප්‍රහාර වලින් විනාශ වන ආකාරයත් සියසින්ම දැකීම නිසා දැඩි කම්පනයකට පත්වී සිටින බවයි. එලෙස ඇලෙප්පෝ නගරයේ රෝහල් වල ඖෂධ අවසන් වී ඇති අතර තමන් සතුව ඇති ආහාර ප්‍රමාණයත්අවසන් වෙමින් යන බවත් බානාගේ බව පවසනවා. එලෙසම බානාගේ එකම බලාපොරොත්තුව වන්නේ ගුරුවරියක වී ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම බවත් ඇයගේ මව වැඩිදුරටත් පවසා සිටිනවා.

මේ ප්‍රහාරයන්ට මැදි වි සිටින තමන්ගේ රටේ ජනතාව ත්‍රස්තවාදීන් හෝ ISIS සාමාජිකයින් නොව මේ දිනෙන් දින මරණයට පත්වන්නේ සාමාන්‍ය අහිංසක ජනතාව බවත් BBC සමග කල සාකච්ඡාවකදි ඇය පවසා තිබෙනවා. කිසිදු අනුකම්පාවක් නොමැතිව දිනෙන් දින බිම හෙලෙන බෝම්බ ප්‍රහාරයන් නිසා තමන්ගේ ජනතාව දිනෙන් දින මියයමින් සිටින බවත් බානා ඇතුළු දහස් ගණන් දරුවන්ගේ අනාගනය අද රෑ හෙලන බෝම්බ වලින් තීරණය වීමටද ඉඩ ඇති බවයි ඇය පවසන්නේ.
ජීවත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් තමන් සතුව නැති බවත් ඔවුන් අවසාන වශයෙන් පෙනවා දෙනවා.

බානා යුද්ධය අමතක කරවීම සදහා පොතක් කියවමින්

Syria001

චින්තිකා මිතිලායා
www.bbc.com ඇසුරෙන්

 

Save

Save