මීගමුව නාගරික කොමසාරිස්ට ර(ත)ථ ගාය ද ?

0
103

මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතා තමන් පාවිච්චි කරමින් සිටි කැබ් රථය
සති ගණනක් තිස්සේ කඩොල් කැලේ ගරාජයකට අළුත් වැඩියාවට බාරදී හිටපු නගරාධිපති පාවිච්චි කරන ලද නවීණ පන්නයේ කැබ් රථය තමන්ගේ සහ තම පවුලේ ගමන් බිමන් වලට භාවිතා කරන බව නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහුගේ නිල රථය තිබිය දී නගර සභාව විසුරුවා හැරිමෙන් පසු නගරාධිපති වරයාගේ නිළ රථය භාවිතා කරන බව මින් පෙර අපි අනාවරණය කලේමු. ඉන් පසු එම නිලරථය ගාල් කර තිබුණ ද නැවත තමන්ගේ නිල රථය ගරාජයකට දමා නගරාධිපති නිලරථය පාවිච්චි කරනුයේ එය අළුත් සුපෝගිබෝගි රථයක් නිසා ද ?  දවස් දෙක තුනකින් පිලිසකර කරගත හැකි කොමසාරිස් වරයාගේ නිල රථය දවස් ගණන් ගරාජයේ තබා ඇත්තේ නගරාධිපති නිල රිය භාවිතා කිරීමට ඇති ආසාව නිසා බව නාගරික ඉන්ජිනේරු අංශයේ කතා බහට ලක්වී තිබේ. එමෙන්ම නගර සභා සේවකයන් අතර පවතින කසු කුසුවකින් හෙළිදරව් වන්නේ කොමසාරිස්ට දැන් ර(ත)ථ ගාය වැලදී ඇති බවකි. මේ වාහන මේනියාව කවදා සුව වේවි ද ?
කේ. ලියනගේ