තමාට පහරදුන් කොන්දොස්තරව නිදැල්ලේ තැබීම ගැන පොලීසියට චෝදනා?

0
67

දළුපත ප්‍රෙද්ශයේ  ජීවත්වන ප්‍රසන්ත ඉලංගකෝන් මහතා පසුගිය ඔක්තෝම්බර් 05 වනදා කොළඹ -හලාවත මාර්ගයේ NA7694 බස්රථයේ ගමන් කරමින් සිටියදී කොන්දොස්තරවරයාගේ පහර කෑමකට ලක්වී තිබේ.  බස් රථයෙන් බැසීමට සූදානම් වූ අවස්ථාවේදී බසයේ වේගය පාලනය කරන ලෙස කොන්දොස්තර මහතාට සිය  විරෝධය පළකර ඇති අතර එම අවස්ථාවේදී කොන්දොස්තර විසින් ප්‍රසන්තට බැනවැදී මුහුණට පහර කීපයක් එල්ල කර තිබේ. පසුව අදාළ ස්ථානයේ  නොනවත්වා ඔහුව බසයේ දිගටම රැගෙන යන විට ඔහු විසින් පොලිසියේ මූලස්ථානය වෙත දුරකථන ඇමතුමක් ලබාදී තමන්ට සිදුවෙමින් ඇති කරදරය පවසා තිබේ. පසුව මූලස්ථානයෙන් දුරකථන ඇමතුම කොච්චිකඩේ පෙලීසියට සම්බන්ධ කර ඇත. කොච්චිකඩේ පොලීසියෙන් පවසා ඇත්තේ බසයෙන් බැස පොලීසියට පැමිණෙන ලෙසයි. කෙසේ හෝ ප්‍රසන්තව බසයේ සිටි මගීන් කීපදෙනෙකු කොච්චිකඩේ නගරයේදී බසයෙන් බිමට බස්සවා ඇත. පසුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගතව ඇත.
මේ වනවිට මෙම සිදුවීම සිදුවී දින දෙකක් වන අතර කොච්චිකඩේ පොලීසිය තමන්ට පහරදුන් බස්රථයේ කොන්දොස්තරවරයාව තවමත් අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කර නොමැති බව ප්‍රසන්න මහතා චෝදනා කරන අතර සිදුවීම සිදුවූ අවස්ථාවේදී එතනට පැමිණිය යුතුව තිබූ පොලීසිය බසයෙන් බැස පහර කෑ තමන්ම පොලීසිය වෙත පැමිණෙන තෙක් සිටීම පිළිබඳව ද සිය විරෝධය පළකර සිටියි.පැමිණිල්ලක් දමා රෝහල්ගතවුවත් තමන්ට පහරදුන් පුද්ගලයා තවමත් නිදැල්ලේ සිටින්නේ පොලීසිය සිය රාජකාරිය පැහැර හැරීම නිසා බව ප්‍රසන්ත මහතා චෝදනා කරන අතර හෙට දිනයේදී මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා කොච්චිකඩේ පොලීසිය විසින් තමවා කැඳවා ඇති බව මීපුරට  ප්‍රකාශ කළේය.14524450_889217267846834_6229860474438848434_o