රොටරි පදනමට වසර 100 යි…

0
223

ඇමරිකානු ජාතික පෝල් හැරිස් විසින් 1905දී ආර්ම්භ කල ලොව විශාලතම ජාත්‍යන්තර සංවිධානය වන රොටරි ජාත්‍යන්තර සංවිධානයේ රොටරි පදනමට වසර 100ක් පිරීම නිමිති කරගෙන මීගමුව රොටරි සමාජය සැමරුම් වැඩසටහනක් සංවිධානය කර තිබේ.

එලබෙන 29 වනදා එනම් ඔක්තෝබර් 29 වනදා පෙරවරුවේ මීගමුව නගර සභාව අසලින් රථවාහන 100ක් සහභාගීත්වයෙන් මෝටර් රැලියක් සංවිධානය කර තිබේ.එමෙන්ම එදින රාත්‍රියේදී මීගමුව ජෙට්වින්ග් බ්ලූ හෝටල් වෙරල පරිශ්‍රයේදී දැවැන්ත සංගීත සංදර්ශණයක්ද පැවැත්වීමට නියමිතය.

පෝලියෝ රෝගය ලොවෙන් තුරන්කිරීමට ඇපකැපවී කටයුතු කරන රොටරි ජාත්‍යන්තර සංවිධනයට සමගාමීව මෙරට ක්‍රියාත්මක වන රොටරි සමාජයන්ද,විශේෂයෙන් මීගමුව රෝටරි සමාජයද විවිධ සමාජ සත්කාර රාශියක් පසුගිය කාලයේ වැඩසටහන් රාශියක් සංවිධානය කර තිබිණි.

රොටරි පදනමේ ආධාර මත මීගමුව ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ශ්‍රව්‍ය දෘශය ආධාර උපකරණ බෙදා දීම, පාසල් දියුණු කිරීම,සෞඛ්‍ය සේවය දියුණු කිරීම, පිරිසිදු ජලය ලබා දීම, වකුගඩු රෝගය අවම කිරීම වැනි මානවවාදී ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරන ලදී. ඔක්තෝබර් 29 වනදා පැවැත්වෙන් සංගීත සංදර්ශණයෙන් ලැබෙන මුදල් ජාත්‍යන්තර රොටරි පදනමේ අරමුදල් තර කිරීමට යොදාගන්නා බව එහි සාමාජිකයන් පැවසීය.

මේ පිලිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 5 වනදා මීගමුවේ පැවැත්වුණි. ඒ සදහා රොටරි සමාජයේ සභාපති අජිත් වීරසිංහ,හිටපු සභාපත් විණී සිරිවර්ධන, මහජන සම්බන්ධතා අධ්‍යක්ෂක සුදන්ත ලියනගේ යන මහත්වරුන් ඇතුළු අම සමාජයේ සාමාජියින්ද එක්වී සිටියහ.IMG_1250

IMG_1252

 

තුෂාර රොහාන්