මස් වැද්දන්ගේ තවත් හපන්කමක් ! (VIDEO)

0
52

 

deer_1පිපාසය ඉවසාගත නොහැකිව දිය පොදක් බීමට මැල්සිරිපුර, කිඹුල්වානාඔය වැවට පැමිණ සිටි තිත් මුවෙකු එහි සිටි ධීවරයින් පිරිසක් විසින් හබල්වලින් පහර දී මරා දමා මස්කිරීමට සැරසෙමින් සිටියදී ගොකරැල්ල පොලිසියේ නිලධාරින් විසින් පසුගියදා අත්අඩංගුවට ගත්හ.

මෙලෙස අකාලයේ මරා දමා තිබුණේ කිලෝග‍්‍රෑම් 65 කට අධික බරකින් යුත් ඉතා හොදින් වැඩුණු තිත් මුවෙකි. මරා දැමුණු මෙම මුවා අඩි 3 කට වඩා දිගකින් යුත් අලංකාර අං තට්ටුවක් සහිත සත්වයෙක්වීමද විශේෂත්වයකි.

කිඹුල්වානාඔය වැව ඉස්මත්තේ පිහිටි මැණික්පාය රක්ෂිතය තුළදී මුවෙකු මරා මස්කරමින් සිටින බවට ගොකරැල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් මහතාට ලැබී තිබූ ඔත්තුවකට අනුව මැණික්පාය රක්ෂිතය වැටලූ පොලිස් නිලධාරින්ට මස් කිරීමට සූදානමින් එහි ගසක එල්ලා තිබූ මුව සිරුර සොයාගැනීමට හැකි වී තිබේ. පොලිස් වැටලීමත් සමග මුවා මස්කරමින් සිටි පිරිස එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන කිහිපයක්, යතුරුපැදියක්, කෙටේරියක්, තරාදි පඩි කිහිපයක් සහ මස් ඇසුරුම් කිරීමට ගෙනැවිත් තිබූ බව කියන පොලිතින් උර සහ මුව සිරුරෙන් ඉවත්කර තිබූ හමද එම ස්ථානයේ දමාගොස් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දමා ගිය භාණ්ඩ ඔස්සේ ඔවුන්ගේ අනන්‍යතාවය හෙළිකරගැනීමෙන් අනතුරුව මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි. මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් මෙම මුවා බොහෝ දුරබැහැර ප‍්‍රදේශයක සිට ජලය සොයාගෙන කිඹුල්වානාඔය වැව වෙත පැමිණෙන්නට ඇති බවටත්, මුවා වැව ආසන්නයේ සැරිසරන ආකාරය සැකකරුවන් විසින් දින කිහිපයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම අපරාධය සිදුකරන්නට ඇති බවටත් පොලිසිය සැකකරයි.

ගොකරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද අබේරත්න මහතාගේ උපදෙස් මත, දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරිලාල් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල් දිසානායක (5157) , රත්නායක (20631) , පොලිස් ආරක්ෂක සහායක හේරත් (1556) සහ අධිකාරි (1593) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

අදාල වැටලීම පිළිබද ඡායාරූප සහ වීඩියෝව පහතින් දැක්වෙයි.

මරා දැමුණු මුවාගේ සිරුරdeer_4 deer_1
සිරුරෙන් ඉවත් කර තිබූ මුව හමdeer_3
වැටලීම සිදු කළ නිලධාරින් පිරිසdeer_2
මුව සිරුර අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් එය රක්ෂිතයෙන් පිටතට ගෙනා අයුරුdeer_5www.wayambatoday.com