මීගමුව වෙරළ උද්‍යානයේ කම්පම් කල්ලිවල සහයට නගර සභාවෙන් පඩි ගෙවා සේවකයන් යොදවලා ?

0
56

beach-prk-1මීගමුව මහනගර සභාව විසින් ඒත්තුකාලේ වෙරළ උද්‍යානය පිහිටා ඇති කලාපය තුල නගර සභා සේවකයන් යෙදවිම ඉතා පැහැදිලි ලෙස නීති විරෝධිව පැවැතුනද තවදුරටත් එසේ සිදුවන බව වාර්ථා වේ.
මහනගර සභාව විසින් ටෙන්ඩර් ලබාදි ඇත්තේ වැසිකිලි පද්ධතිය සහ රථ ගාල පමණි.
එහෙත් මීගමුවේ දේශාපාලකයන්ගේ  පුර්ණ  අනුග්‍රහය ලබන කප්පම් කල්ලියක විසින් වෙරළෙන් කොටසක් අල්ලාගෙන එහි ඇති කඩවලින් දැනට වසර ගණනාවක් තිස්සේ ඉතා පැහැදිලි ලෙස කප්පන් ගැනිමක නිරතව සිටිති.
මේ කප්පම් කල්ලියේ  නිතිවිරෝධි වැඩකටයුතු සදහා දැන් මීගමුව මහනගර සභාව විසින් දිනපතා සේවකයන් 8 දෙනෙකුද සුපවයිසර් වරයෙකුද යොදවන බවට අප දිගින්  දිගටම හෙළිදරව් කර සිටියද දැන් කොමසාරිස් පාලනය යටතේද එයම සිදුවෙමින් තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් නියෝජ්‍ය කොමසාරිස්වරිය කියා සිටියේ තමන් එසේ සේවකයන් යොදවන බවත් එහෙත් ඒ අයව යොදවා ඇත්තේ වෙරළ තිරය පිරිසිදු කිරිම සදහා බවත්ය.
මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු කියා සිටියේ එසේ නම් මුළු මීගමුව මහනගර සභා බලප්‍රදේශයට අයත් වෙරළ කලාපය පුරාවටම එසේ සේවකයන් යෙදවිය යුතුව ඇති බවය.
මීගමුව මහනගර සභාවේ පරිපාලනයද දැන් එහෙම පිටින්ම කප්පම් කල්ලිවල උවමනාවන්ගේ සුපරාලන්නට සැදි පැහැදි  සිටින තැනක් ලෙසින් මීගමුවේ මුළු මහත් බදුගෙවන ජනයාම දැනගත යුතුව ඇතැයිද ඔහු අවධාරණය කර සිටියේය.
මේ අනුව දැන් එක් දෙයක් පැහැදිලිය. එනම් පසුගිය දශකය පමණ කාලයක සිට දේශපාලන අධිකාරිය විසින් ඇමති ලංසාගේ පියාගේ කප්පම් වැඩවවලට මීගමුව බදු ගෙවන ජනයාගේ මුදල්වලින් පඩි ලබන සේවයන් යෙදෙව්වා සේම දැන් ක්‍රියාත්මක කොමසාරිස් පාලනය යටතේද තවදුරටත් එසේම සිදුවන බවය.
මේ ගැන මීගමුව බදු ගෙවන ජනයා මෙන්ම ඔවුන් නියෝජනය කරන බදුගෙවන්නන්ගේ සංගමයද මුනිවත රකිති.