විදුරු කඩේට ඉඩ දෙන්න බස් මගි අාවරණය ගැලව්වේ පල්ලියේ ස්වාමිද ?කඩේ මුදලාලිද ?

0
235
බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ
බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ
බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ

මීගමුව කෙලින් විදිය ඔස්සේ නගරය දෙසට එන මගි ජනයා වෙනුවෙන් ඉදිකර තිබු බස් මගි ආවරණයක් කිසියම් පිරිසක් විසින් පසුගිය දිනක ගලවා දමා තිබුණි.
මේ ගැන සොයා බැලිමේදි දැනගන්නට ලැබුනේ කෘෘස් මඩම අසල පිහිටා තිබු බස් මගි ආවරණය මෙසේ ඉවත් කර ඇති බවයි.
ඉලෙක්ට්‍රෝ ආයතනය පවත්වාගෙන යන භුමියේ කොටසක් එය භාරව කටයුතු කරන පියතුමා විසින් විදුරු අලෙවි කටයුතුවල නිරත ව්‍යාපාරිකයෙකු හට බද්දට දි ඇත.

බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම
බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම

එකි ව්‍යාපාරිකයා විසින් එහි නව ගොඩනැගිල්ලක් ද දැන් ඉදිකර ඇත.
මේ බස්  නැවතුම තිබුනේ හරියටම දැන් මේ ඉදිව ඇති ගොඩනැගිල්ල ඉදිරිපිටය.
එය දැන් ඉවත් කර තිබෙන්නේ මේ  ගොඩනැගිල්ල සිදුව ඇති අවහිරය නිසා බව දැන් පැහැදිලිය.
එහෙත් ගැටලුව වන්නේ පාරක බස්නැවතුමක් ඉදිකිරිමට  මෙන්ම එය ඉවත් කිරිමටද අදාල බලධාරින් කිසිවෙකු හෝ නොදැන මේ බස් මගි ආවරණය එතනින් ඉවත් වුයේ කෙසේද යන්නයි .
මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දුන් මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිළධාරිණියක් විසින් කියා සිටියේ කිසිවෙකුත් තමන්ගෙන් අවසර නොගත් බවය.
එමෙන්ම මීගමුව පොලිසියේ රථවාහන අංශයෙන්ද කිසිදු අවසරයක් ගෙන තිබුනේ නැත.
මේ ගැන අප විදුරු කඩේ කළමණාකරුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ පල්ලියේ පියතුමාගෙන් ඒ ගැන අසා දැනගන්නා ලෙසය.

බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ
බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ

මෙය බරපතල තත්වයකි.
මගි ජනතාවට සෙවන සැලසු මේ විශාල බස්මගි ආවරණයක් ව්‍යාපාරික උවමනාවක් වෙනුවෙන් ඉවත් කර දැන් දවස් ගණනාවක් ගියද එය නැවත එහි ස්ථාපිත කිරිම ගැන මහත් උනන්දුවකින් සොයා බලනු පෙනෙන්නේ මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පමණි.කෙසේ වෙතත් මේ නිතිවිරෝධි ක්‍රියාව පිටුපස කිසියම් දේශපාලකයෙකු සිටින බවට දැන් තොරතුරු වාර්තා වෙමින් තිබේ.
මිගමුව චිකාගෝවක් කළ මේ දේශපාලන නඩය දැන් බස් මගි ආවරණ පවා හිතුමතේ ගලවා දමමින්  නගරය ආරාජික කරමින් සිටිති.
මේ නගරයට ඉක්මනින් නීතිය යළිත් ස්ථාපිත කළ යුුතුව තිබේ.ඒ ගැන මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කටයුතු කරනු ඇතැයි අප බලා සිටිමු.