ව්‍යාපාරිකයෙකුට අවහිර යැයි කියා බස් මගී අාවරණය ඉවත් කර ඇත්තේ දයාන් ලංසා බව හෙළිවේ !

0
49
බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ
බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම
බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම

බස් මගින් හට සෙවන සලසා දිම සදහා කෙලින් විදියේ කෲස් මඩම අසල ඇනලින් සමාගම විසින් ඉදිකර තිබු බස් මගි අාවරණය ව්‍යාපාරිකයෙකු හට ඉන් සිදුවන අවහිරය නිසා ඉවත් කර දමා ඇත්තේ මීගමුව හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් බව හෙළිවේ.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව සා.පීතර දේවස්ථානයේ ගරු ලියෝ කැමිලස් පියතුමන් කියා සිටියේ තමන් විසින් බදු දුන් ඉඩමේ ව්‍යාපාරිකයන්ට මේ බස් මගි ආවරණය නිසා අවහිර වන බැවින් එය ඉවත් කරන ලෙස ඉල්ලා තමන් විසින් මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා හට ලිපියක් ලබාදුන් බවත් ඒ අනුව ඔහු විසින් ඇනලින් සමාගමේ මිගමුව භාර නිළධාරියාගේ හරහා මේ බස් මගි ආවරණය ගලවා දමා තමන්ගේ කෲස් මඩම භුමියේ දමා ඇති බවයි.
මින් මතුවන ගැටළු කිපයක් වෙයි.
එනම් පල්ලියක පියතුමකු විසින් ව්‍යාපාරික උවමනාවක් පෙරට දමා බස් මගින්ට සෙවන සලසා දිම සදහා තිබුණ තැනක් කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් නොගෙනම ඉවත් කරදැමිමට පියවර ගෙන තිබිමයි.
අනික් කරුණ වන්නේ බස් මගි ආවරණය ස්ථාපිත කිරිම හෝ ඒවා ඉවත් කිරිම සදහා කිසිදු නිතිමය බලයක් නැති නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් ව්‍යාපාරිකයෙකුට සහන සැලසිම සදහා පොදු මගියාගේ ආරක්ෂාව බිල්ලට දි හිතුවක්කාර ලෙස බස් මගි ආවරණය ඉන් ගලවා ඉවත් කිරිමයි.
මෙහිදි මතු කළ යුතු අනෙක් කරුණ වන්නේ ඇනලින් සමාගම එකි බස් මගි ආවරණය ඉදිකළේ මගි ජනයාට ආරක්ෂාව සැලසිමට නම් එයට කිසිදු විකල්පයක් ගැන සිතන්නේවත් නැතිව එය ඉවත් කරනු ලැබුවේ ඇයිද යන කරුණයි.
මේ සියල්ල තුලින් පැහැදිලි වන ප්‍රධානතම කරුණ වන්නේ මේ කිසිවෙකුටවත් අව්වට වේලෙන වැස්සට තෙමෙන මගි ජනතාව ගැන තඹ පයිසෙක සැලකිල්ලක් නැති බවය.
කිතුණු දහමේ මුලික හරයන්ට එරෙහිව යමින් ලියෝ කැමිලස් පියතුමාගේ ව්‍යාපාරික උවමනාව තුලින් කියා සිටින්නේද  අව්වැසි වලින් පිඩාවට පත්වන ජනයාට වඩා වෙළෙන්දාව ඔහුටද ප්‍රධාන වු බව නොවේද ?