කාවින්දලා සහ ලංසලා ධීවරයන්ව යළිත් පාරට බස්සන්න හදලා?

0
107

_MG_6905ෆෝට් සිටිය වෙනුවෙන්  මුහුදෙන් වැලි හැරිම වහාම නවතන ලෙස ඉල්ලා මීගමුව සහ අවට ධීවරයන් විසින් මහපාර මෙන්ම දුම්රිය මාර්ගය ද වසාදමා දියත් කළ විරෝධතාවය නිහඩ සත්‍යග්‍රහයක් බවට පරිවර්තනය වුයේ මිගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා මැදිහත්ව අගමැතිවරයා මෙරටට පැමිණි විගස සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් ලිඛිත පොරොන්දුවක්ද සමගින්ය.tmp_26681-FB_IMG_1476841044699693095368එහෙත් මේ තත්වය වෙනස් වෙමින් ධීවරයෝ යළිත් පාරට බසින්නට ඊයේ රාත්‍රියේ තින්දු කොට තිබුණි .එයට හේතුව වි තිබුනේ ඊයේ සවස්වරුවේ මිගමුවේ  පියතුමන්ලා පිරිසක් දේශපාලකයන් කිපදෙනෙකු සමගින් කරන්නට යෙදුනායැයි කියන සාකච්ඡාවකින් පසුවය.මේ සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ,නියෝජ්‍ය ඇමති නිමල් ලංසා,රාජ්‍ය අැමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් එක්ව තිබුණි .ෆෝට්  සිටි ප්‍රශ්ණය පිළිබදව කිසිදු වගකිවයුතු පිළිතුරක් දියනොහැකි මේ දේශපාලකයන් පිරිස ප්‍රශ්ණයේ බරපතලකම නොදැන බොරදියේ මාලු බාන්නට යාම තවපොඩ්ඩෙන් මහත් විනාශයක් කරා ධීවරයන්ව තල්ලු කරන්නට බොහෝ ඉඩ තිබුණි.tmp_26681-FB_IMG_147684102975312903383දේශපාලනයේ හය හතර දිගපළල නොදත් කාවින්දලාගේ ළදරු වලිප්පුව තවපොඩ්ඩෙන් අද දිනයේත් ධීවරයන්ව මහපාරට කැදවා මහත් අර්බුදය නිර්මාණයකර ජිවිත කිපයක් බිලි ගන්නා තත්වයක් නිර්මාණය කරන්නට ඉඩ තිබුණි.කෙසේ වෙතත් ධිවරයන් මුලිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ සිදුකළ තිරාණාත්මක සාකච්ඡාවකින් පසුව තත්වය පාලනය කිරිමට ඔවුන් සමත්ව තිබුණි.