ෆෝට් සිටිය මැද්දට කතෝලික පල්ලිය පැන්නේ ඇයි ?

0
57

protesters 2වරාය නගරයට එරෙහිව මීක් කිවේ නැති කතෝලික පල්ලිය එකපාරටම නින්දෙන් ඇහැරුණාක් මෙන් පල්ලිවල දේශන කොට ධීවර ජනයා මහපාරට කැදවා උසාවි නියෝගයද නොතකා දැන් විරෝධතාවක් ආරම්භ කරන්නට යෙදුණි.
මේ අරගලයේ මු පටන් ම හිටපු ඇතැම් කතෝලික පියතුමන්ලාට තර්ජනය කරමින් තමන්ගේ මීසමට නොඑනා ලෙසට බලපෑම් කළ පියතුමන්ලා දැන් එකපාරටම අංශක 180 ක හැරවුමකට ඒ අනුව පිවිසුනේය.
විරෝධතාවයේ නිරත වු ඇතැම් ධිවර නායකන් පවා අප හා කියා සිටියේ පල්ලිය මේ තරම් උනන්දුෙවන් ෆෝට් සිටි ප්‍රශ්ණය ගැන කටයුතු කරන්නේ ඇයිදැයි ඔවුන් පවා තේරුම් ගන්නට බැරිවි ඇති බවය.
මේ අකාරයෙන් නිල කතෝලික පල්ලියේ මේ ඇතිව තිබෙන වෙනස අප තේරුම් ගන්නේ කෙසේද ?මේ ගැන ප්‍රගතිශිලි සංවාද කවයන් තුල පසුගිය දිනවල කථාබහට ලක්වු කරුණු කිපයක් විය.
එනම් තේවත්ත බැසිලිකාව නවිකරණය සදහා චින ආධාර ලැබි තිබිම මින් එකකි.
එමෙන්ම නොවැම්බර් මස අවසානයේදි මීගමුවේදි පැවැත්විමට නියමිතව ඇති ආසියානු රදගුරු සමුළුව ගැනය.
මේවා සදහා රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙන්නේද ?
වරාය නගරය පැවැති සියළු විරෝධතාවයන් වාෂ්ප කර හරින්නට පල්ලිය කොන්ත්‍රාත්තුවක් භාරගත්තේද ?