පොතක් තබා , පොතක් ගෙනයන්න

0
90

පොත් හුවමාරු කිරීම සඳහා වෙන් වූ කුටියක් ඉතාලියේ මෙසීනා නගරයේ පියස්ස කයිරෝලී හී දක්නට ලැබිනි. ”කියවීම මිනිසා සම්පූර්ණ කරයි, ”මෙම කියමන අප කවුරුත් දන්නා නමුත් වටිනාකමක් නොදෙන වදනකි.  නමුත් මා දුටු ඉතාලියේ ජනයා අතර බොහෝ දෙනෙක් කියවීමට මුල් තැනැක් දෙයි.බස් රථයේ, ට්‍රෑම් රියේ මෙන්ම නගරය මැද ඇති විවේකීව ගත කිරීමට ඇති  ස්ථාන වලද පොත් අතේ තබා ගත් පිරිස දක්නට ලැබිනි.

ඉතා ප්‍රයෝජනවත් සංකල්පයක් වන මෙය තුලින්  කාර්යක්ෂම  මිනිසා උපරිම ඵල නෙලාගනි.නිකරුනේ කාලය නාස්ති නොකොට  කියවිම තුලින් දැනුමක් වගේම මානසීක සහනයක් ලබා ගැනීමට හැක. මෙමගින් කියවීමට මිනිසාව පොලොඹවා ගැනීමක් ද සිදුවේ. විවිධාකර ප්‍රයෝජන ලබාදෙන මෙම ජංගම පුස්ථකාලය පිළිබඳ සංකල්පය ශ්‍රී ලංකාවටත් ගැලැපේ යැයි මම අදහස් කරමි.
IMG_3884 IMG_3883 IMG_3887

දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරාෙ

Save