වෙරළ උද්‍යානයේ ගොඩනැගිලිවලින් කප්පම් ගැනිමට තවදුරටත් මීගමුව මහනගර සභාව ඉඩ දෙනවාද ?

0
132

beach park8PGමීගමුවෙ මහා කප්පම් තිප්පොල 2017 වසර සදහා ටෙන්ඩර් කිරිමට කාලය පැමිණෙමින් තිබේ.
පුරා දශකයකටත් වඩා වැඩි කාලයක් මීගමුවේ මහා කප්පම් තිප්පොල සම්බන්ධයෙන් පරිපාලන අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ග ගැන අප මහත් උනන්දුවෙන් යුතුව බලාසිටින්නෙමු.
වෙරළ උද්‍යානය යන නමින් මහනගර සභාව විසින් බදුදි තිබුනේ රථගාල සහ වැසිකිලි පද්ධතිය පමණි.
රථ ගාල යනු  මේ කලාපයේ නිශ්චිත ප්‍රදේශයක් පමණි
තතු එසේ වුවද වෙරළ උද්‍යානය තුල වු ස්ථිර ගොඩනැගිලි 15 කට ආසන්න ප්‍රමාණයකින් කප්පම් ගන්නට යහපාලන රජයේ ඇමති තාත්තෙකු කටයුතු කරගෙන යන්නේ යහපාලනයට කදිමට සරම උස්සා පස්සා පැත්ත පෙන්වමිනි.
පසුගියදා පැවැති ජාතික සරුංගල් උත්සවයේදි එක් දිනක් සදහා වු අදායම කියක්දැයි ඔබ දන්නවාද ?ඒ ලක්ෂ ගණන් මුදල කප්පම් මුදල් ලෙසින් තනි පුද්ගලයෙකු විසින් ගනු ලබන්නේ මීගමුව මහනගර සභාව විසින් හිමිකම් කියන වෙරළ උද්‍යානය තුලිනි.
ඉතින් දැන් පරිපාලන අධිකාරිය කියන්නට යන්නේ මොනවාද ?
වෙරළ උද්‍යානය යැයි කියා ටෙන්ඩර් කරනු ලබන්නේ රථ ගාලත් වැසිකිලි පද්ධතියත් නම් එහි වන අනෙකුත් ස්ථිර ගොඩනැගිලි වලින් ආදායම් ගන්නේ කව්ද?
2017 වසර සදහා පරිපාලන අධිකාරිය සිය ස්වාධින බව මීගමුවේ බදු ගෙවන ජනයාටත් යහපාලනයටත් පෙන්වා සිටිනවාද ?නැතිනම් දරුවන්ගේ උපන් දින කේක් සහ අනෙකුත් වරප්‍රසාද තකා දේශපාලන අධිකාරියේ සරණ පතා බදුගෙවන ජනයාට පස්ස උස්සා පෙන්වනවාද?
අප බලාසිටින්නෙමු !