ඇවෙන්ඩ්‍රා අධිපති ගිංඔය රක්ෂිතය විනාශ කිරීම ගැන මධ්‍යම පරිසර අධිකාරිය තවමත් නිහඩයි ?

0
60

ඇවෙන්ඩ්‍රා හෝටලයේ අධිපති ගනේෂ් ද සිල්වා විසින් වෙන්නප්පුව කිඹුල්ගාල ප්‍රෙද්ශයේ වසා දැමූ කොහුමෝලක් මිළදී ගෙන ඉදිකරමින් පවතින හෝටලයේ වැඩකටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතී. මෙම හෝටලයේ වැඩකරන සේවකයන්ගේ ඉදුම් හිටුම් වෙනුවෙන් වෙන්නප්පුව නගරයේ නිවාස 2කක් මේ වනවිට කුලියට ගෙන ඇත. මොහු විසින්  මෙම කොහුමෝලට යාබදව ඇති ගං ඉවුර විනාශ කර බොරළු පුරවා ගොඩ කර තිබේ. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පසුගිය මාසයේ දී වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ආයතන කීපයක නිළධාරීන්  එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි. එහිදී අනාවරණය වූ පරිදි ගිංඔයේ ගංඉවුර මීටර් 60 ක ප්‍රමාණයක් ගොඩකර ඇති බව මෙම නිලධාරීන්ගේ අවධානයට ලක්වූ අතර මේ සම්බන්ධයෙන් ගොවිජන කොමසාරිස්වරයාට හා මධ්‍යම පරිසර අධිකාරියට පැමිණිලි කළ බව වෙන්නප්පුව ප්‍රා.ලේකම්වරිය ප්‍රකාශ කළේය. මෙම පැමිණිලි වලට ලැබී ඇති ප්‍රතිපළ සම්බන්ධයෙන් විමසීම සඳහා අප විසින් වෙන්නප්පුව ප්‍රාෙද්ශීය ලේකම්තුමියට පසුගියදා  (ඔක්,25) ඇමතූ අවස්ථාවේදී එතුමිය කියා සිටියේ මේ වනතෙක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් කිසිවක් දන්වා නොමැති බවයි.13873240_1245002788875785_1434822036500818962_n
ගනේෂ් ද සිල්වා මහතා මෙම ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබාගත්තා යැයි පවසන අතර මෙම   ස්ථානය සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවටද අදාළත්වයක් තිබේ. එබැවින් ඔහු ලබාගෙන ඇති අවසරය කිසිසේත් ගංඉවුර ගොඩකිරීම සඳහා වලංගුභාවයක් නොමැත. එමෙන්ම අවසර ගත්තා යැයි පවසන ආයතන වල නියෝජිත ආයතන වෙන්නප්පුවේ ද තිබේ. නමුත් වෙන්නප්පුව ගොවිජනසේවා කාර්යාලය මේ සම්බන්ධයෙන් කිසිවක් නොදනී. කුරුණෑගල මධ්‍යම පරිසර අධිකාරිය ද ප්‍රාෙද්ශීය ලේකම්තුමිය පවසන තෙක් කිසිවක් නොදනී.
එසේ නම් අපට සරලව වැටහෙන සත්‍ය වන්නේ නීතියේ ලිහිල් තැනකින් ගනේෂ් ද සිල්වා රිංගා ඇති බවයි. මෙම ගොඩකිරීම නීති විරෝධී යැයි දැනටමත් රාජ්‍ය නිලධාරීන් පවසනවා නම් මේ සම්බන්ධයෙන් බලාහිඳිමට දෙයක් නොමැත. අදාළ දෙපාර්තමේන්තු විසින් මෙම නීති විරෝධී ගොඩකිරිමට යම් නීතිමය පියවරක් ගතයුතුය. එය සිදුවිමට තව කොපමණ කලක් යාවීද ?
13873062_1245002768875787_4025764316904864938_nඡායාරූප – චන්දන ප්‍රනාන්දු

සම්බන්ධිත ලිපි

Save

Save