රෝහල් වල බෙහෙත් නැතේ – ෆාමසියට යමන් පුතේ

0
79

ඉහළ යන බඩු මිළට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව   පවතින රජයට විරෝධය පා ඒකාබද්ධ විපක්ෂය විසින් ජූලි 16 වනදා සවස ගම්පහ නගරයේ දී   උද්ඝෝෂණයක් පැවැත්වීණි. මෙම විරෝධතාවය සදහා  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ   එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය , නව සම සමාජ පක්ෂයේ නායක  වික්‍රමබාහු කරුණානායක. නව සිහල උරුමයේ නායක , සරත් මනමේන්ද්‍ර , සහ මනෝ ගනේෂන් යන නායකයින්  සහභාගී වූහ.  ගම්පහ  නගරයේ දුම්රියපළ ඉදිරිපිටදී  පැවැත්වූ මෙම විරෝධතාවයට  විපක්ෂයේ ප්‍රාෙද්ශීය සභා  සහ පළෘත් සභා නියෝජිතයින් සමග  විශාල ජනතාවක් සහභාගී වූහ.