මීගමුව ජනතාවගේ මහමඟ මිතුරා යසනායක අද අවසන් ගමන් යයි !

0
104

බේබදු රියදුරෙකු නිසා ජිවිතයෙන් සමුගන්නට වු මීගමුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිළධාරින්ගේ නිතිගරුක බව සහ මහජනයා සහ විශේෂයෙන්ම රියදුරන් අතර පැවති මිත්‍රත්වය නගරය පුරාවට එල්ලා ඇති බැනර් වලින් සහ ත්‍රිරෝද රථවල පිටුපස අලවා ඇති ඔවුන්ගේ ඡායාරූප වලින්ම දැකගත හැකිය.
පොලිසියේ නිළධාරියෙකු කෙනෙකුගෙන් හොදක් අහන්නේ ඉතාමත් කලාතුරකිනි.
එවන් පසුබිමක මේ ගුණසමරු අපට යළිත් මතක් කර සිටින්නේ මහජනයාගේ ලගම කුළු පග මිතුරෙකු වන්නට තරම් වරම් ලැබු තරුණ නිළධාරින් දෙදෙනෙකුගේ සමුගැන්ම ඇත්තටම මීගමුවට බරපතල පාඩුවක් බවයි.මේ තරුණ නිළධාරින් දෙදෙනාගේ වියෝව ඔවුන්ගේ පවුල්වලට සහ ඥාාතින්ට පමණක් නොව නගරයකට දැනෙන එකක් ව තිබෙන පසුබිමක අපට ඒ අය වෙනුවෙන් කළ හැකි යමක් ඉතිරිව තිබේද?
ශානකලාට යසනායකලාට ආදරය කරන නගර පුරා ඇති ත්‍රිරෝද රථ සංගම් මෙන්ම සියළු දෙනා වෙත එය වගකිමක් ලෙස පැවරි තිබේ.
එනම් අඩුම තරමින් මීගමුව තුලවත් රථවාහන පැදිවිමේදි අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු වන විනය පද්ධතියක් එවන් සංස්කෘතියක් ගොඩනැගිමට හැකි අයුරකින් පියවර ගැනිමය.
එය ශානකටත් යසනායකටත් මීගමුවේ ජනයායාට දිය හැකි උපරිමම ගරුත්වය නොවන්නේද ?
මිය ශානකගේ අවමංගල කටයුතු ඊයේ දිනයේ දංකොටුවේදි පැවැති අතර ආණමඩුවේ යසනායකගේ අවසන් කටයුතු අද දිනයේ සිදුකිරිමට නියමිතය.