මීගමුවේ ටෙනිස් පිටිය නිමල් ලංසාගේ ගෝලයන්ට පවරා දුන්නේ නගර සභාවේ නීති අංශයේ ලොක්කෝද ?

0
51

tenis 2මීගමුව මහනගර සභාවට අයත් දේපල් බොහොමයක් දේශපාලන හෙංචයින්ගේ භාරයට පත්කිරිමට කටයුතු කර තිබිම සමබන්ධයෙන් මේ වන විටත් බරපතල චෝදනාවක් මීගමුව මහනගර සභාවේ නීති අංශය වෙත එල්ල වි තිබේ.
පසුගිය දශකයක පමණ කාලය තුල ඔවුන් ඇත්තට සිදුකර ඇත්තේ ලංසා පවුලේ උවමනාවන් මිස මීගමුව බදු ගෙවන ජනයාට හෝ පළාත් පළාන ආයතනයට නම් නොවේ .
මීගමුව කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩාංගනය සහ ටෙනිස් පිටිය මහනගර සභාවේ වියදමින් ඉදිකළද එහි කටයුතු අවසන් කිරිමෙන් පසුව යතුරු ලැබෙන්නේ මහනගර සභාවට  නොව ලංසා පවුලේ දේශපාලන හෙංචයින් වෙතය.
මින් එක් අයෙකු වන්නේ මීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු වන ජයනාත් නැමැත්තාය.
එමෙන් CIB අසලින් කලපුව කරා යන කානුවේ සංරක්ෂිත කොටස තුල මේ ජයනාත් නැමැත්තා ඇතුළු පිරිසක් කඩ 6ක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් තනා තිබේ.
එය පැහැදිලිවම නගර සභාවේ සංරක්ෂිත කොටසකි.,මේ සම්බන්ධයෙන් විභාග වු නඩුවකදි අධිකරණය විසින්ද මීගමුව මහනගර සභාවේ නීති නිළධාරින්ගේ වැරදි පිළිබදව කරුණු දක්වා තිබුණි.
කෙසේ වෙතත් කඩොල් කැලේ ගෘහස්ත ක්‍රිඩාපිටිය සහ ටෙනිස් පිටිය යළිත් නගර සභාව භාරයට ගැනිම සදහා ඔක් 31 ට පෙර කටයුතු කළ යුතු බව එය දැනටමත් බලහත්කාරයෙන් භාවිතා කරමින් සිටින අයවෙත දන්වා තිබියදි එයට කිපුණු හිටපු නගරාධිපති දයාන් ලංසා විසින් එයට විරෝධය පළකර තිබුනේ එය තමුන්ගේ භාරයේ ඇති දේපලක් සේ සලකා යැයි ද අපට සැලය.
කෙසේ වෙතත් මෙසේ මහජන දේපල කොල්ල කල්ලි අතට පත්කිරිම සම්බන්ධයෙන් වගකිය යුතුව ඇත්තේ මීගමුව මහනගර සභාවේ නීති අංශයයි.
ඒ අය මීගමුවේ ජනයාට උත්තර බැදිය යුතු දිනය වැඩි ඈතක නැතැයි අපට කියා සිටියේ මීගමුවේ බදුගෙවන ජනයා  අතර සිටින විද්වතෙකි.