මීගමුව රථවාහන පොලිසියේ මිය ගිය නිළධාරින්ට නගරයේ ජනයා මෙතරම් ආදරය කළේ ඇයි ?

0
1076

දෙවන සංස්කරණය tmp_6400-IMG_20161031_1910292110006717

yasanayaka

බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ

බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ

 

dav

ලියෝ කැමිලස් පියතුමාගේ භාරයේ පවතින මීගමුව කෙලින් වීදියේ පිහිටි ඉලෙක්ට්‍රෝ ආයතනයේ ඉඩම් කොටසක් වීදුරු අලෙවි ආයතනයක් වෙත පසුගිය දිනක ලබා දි තිබුනේ ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහාය.
පසුව මේ ගොඩනැගිල්ලට බාධාවක් යැයි කියා ලියෝ කැමිලස් පියතුමා හිටපු නියෝජ්‍ය නගරාධිපති  දයාන් ලංසාගේ මාර්ගයෙන් මේ ගොඩනැගිල්ල ඉදිරිපිට වු බස්මගී ආවරණය නීති විරෝධි ලෙස ගලවා ඉවත්කර දමා තිබුණි .
මේ හේතුව නිසා බස් මගිහු වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් මහත් අපහසුතාවකට පත්ව තිබුණද අසල්වැසියාටද ප්‍රේම කරන්න යැයි දිනපතා අල්තාරය මත හිද කියන ලියෝ කැමිලස් පියතුමාට එහි වගක් තිබුනේ නැත.
ඔහු  ප්‍රේම කළ අසල්වැසියා වුයේ ඔහුගේ ඉඩම බද්දට ගත් මුස්ලිම් ව්‍යාපාරිකයාය.
තතු මෙසේ තිබියදි පියතුමාගේ සහ දයාන් ලංසාගේ මේ හිතුවක්කාර මෙහෙයුමට එ‍රෙහිව ක්‍රියාත්මක වු පිරිසගේද මැදිහත්විම තුල ඉතා නිර්භීත තින්දුවක් ගත් මිගමුව රථවාහන පොලිසියේ ස්ථානාධිපති ගජනායක මහතා තම හිතවතුන් පිරිසකගේද සහය ඇතිව මේ බස්මගි ආවරණය යලිත් ස්ථාපිත කිරිමට පියවර ගත්තේය.මේ කටයුත්ත අවසන් වනතුරු  ඔහුගේ හයියට හිටිය පොලිස් නිළධාරියා වුයේ නගරයම හඩවා පසුගිය දිනක සමුගත් යසනායක මහතාය.
ඒ ඔහුගේ මිනිස්කම පෙන්වා දුන් තවත් අවස්ථාවක් විය.
වැස්සට තෙමෙන බස්මගීන් වෙනුවෙන්  යසනායකලා, ගජනායකලා ඉදිකළ මේ බස්නැවතුම යළිත කෙසේ හෝ ගලවා දැමීම  සදහා ලියෝ කැමිලස් පියතුමා කටයුතු කරමින් සිටින බව අපට විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් නාගරික ඉජිනේරු කාර්යාලය වෙත ලිපියක් යවමින් එතුමන් කියා ඇත්තේ තමන් විසින් බදු දුන් ඉඩමේ කොන්දේසියක් ලෙස එකි ව්‍යාපාරික ස්ථානයට අවහිර වන දැ ඉවත්කරන බව සදහන් කර ඇතැයි කියාය.
බස්මගිආවරණය ඇත්තේ මහපාරේය.
ඉතින් එය ඉවත්කර දෙන බව ලියෝ පියතුමා කියන්නේ කෙසේද?
එසේ කරන ලෙස ඔහුට රජයේ නිළධාරින්ගෙන් ඉල්ලා සිටිමට සදාචාරය අයිතියක් තිබේද ?
නගරයේම ජනයා ආදරය කළ යසනායක නීතිගරුක  පොලිස් නිළධාරියෙකි.
ඔහු සැමවිටම ගත්තේ ජනතාවගේ පැත්තය.
ලියෝ කැමිලස් පියතුමා සහ යසනායක අතර වු වෙනස අැත්තේ එතනය.
බේබදු රියදුරෙකු නිසා මීගමුවටත් ශ්‍රි ලංකා පොලිසියටත් අහිමිව ගිය ශානකලා යසනායකලා වැනි  නිළධාරින් හට නගරයම දුක්වන්නේ ඒ නිසාය.
ඒ ඇත්තටම ඔවුන් අසල්වැසියාට ප්‍රේම කළ නිසාය.
ලියෝ පියතුමා මෙන්ම මීගමුවේ සිටින බහුතරයක් රාජ්‍ය සේවා නිළධාරින් උගත යුතු පාඩම වන්නේ එයයි.
මගි ජනයා වෙනුවෙන් යසනායකලා ඉදිකළ මේ බස් මගි ආවරණය අප ආරක්ෂා කළ යුත්තේ ඒ හෙයිනි.
tmp_6400-IMG_20161031_191054814030064