සරත් ගුණරත්නට එරෙහිව ක්‍රියාත්මක දැවැන්ත කුමන්ත්‍රණය පිටුපස සිටින දේශපාලකයා කව්ද ?

0
91
sdr

sdr

සරත් ගුණරත්නට එරෙහිව දැන් එළිපිටම කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇති බැව් ඔහු සමිපයේ සිටින අයටද වැටහෙමින් ඇති බැව් සැලය.
2002 දි සිදුවු සිද්ධියකට අදාලව 2016 දි හිටපු නි.ඇමති සරත් ගුණරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ .කලකට යටගොස් තිබුණ කලපුව ව්‍යාපෘතිය හා බැදුන වංචාවක් ගැන යළි මතුකරමින් මාධ්‍ය මගින් ප්‍රහාරයක් එල්ලවන්නටද දැන් පටන් ගෙන තිබේ.
මේ සියල්ල පිටුපස කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් තිබිය හැකියැයි සරත් ගුණරත්න සමිපයේම සිටින අය පවා දැන් කියන්නට පටන් ගෙන තිබෙන්නේ එහෙයිනි.
මේ බොහොමයක් දෙනාගේ ඇගිල්ල මේ වන විට දිගු වෙමින් ඇත්තේ මීගමුවේ තවත් දේශපාලකයෙකු වෙතය.
සරත් ගුණරත්නව දේශපාලනයෙන් විශ්‍රාම යැවිම තුලින් හිස්වෙන මීගමු දේශපාලනයේ හිඩැස අත්පත්කරගැනිම  සදහා මේ  දැවැන්ත මෙහෙයුම දියත් වෙමින් තිබේද ?
මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරිම සදහා පඩි ලබන ඔත්තු කරුවන් දැන් තැන් ගණනාවක ස්ථාපිත කර තිබෙන බව අසත්‍යයක්ද?
මීගමුවේ විවිධ දේශපාලන කේන්ද්‍රයන් තුල ඇති තොරතුරු දිනපතා මේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලබාදිමට මේ පඩි ලබන පිරිස ක්‍රියාත්මක වෙමින් නොසිටිද?
මේ වෙනුවෙන් ඇතැම් මාධ්‍යවේදින් පවා ක්‍රියාත්මක වෙමින් ඇතැයි කියැවෙන්නේ බොරුවක්ද ?