මඩකලපුවේ හිමිනම පොලිස් කතකට පහරදෙයි ?

0
91
නඩුවක් විසදිමට මඩකලපුව මංගලාරාමයට පැමිණි පොලිස් කාන්තාවක් ඇතුළු පිරිසකට පැන පැන පහරදෙන්නට තරම් මෘග වි ඇත්තේ හිමිනමකි.
පන්සල් වත්තේ තාප්පයක් පිළිබදව වු  පැමිණිල්ලක් සදහා පොලිසිය එහි ගොස් තිබුණි.
මේ හිමිනම විසින් කරන්නට යෙදි ඇති මෙවැනි මෘග ක්‍රියා ගණනාවක් දැන් සයිබර් අවකාශයට මුදා හැර ඇති අතර ඒවා දැන් යළි යළිත් ඉදිරියට පැමිණෙමින් තිබේ.
පසුගිය දිනක දමිල ග්‍රාමසේවක නිළධාරියෙකුට මරණ තර්ජන එල්ල කළ මේ හිමිනම හැසිරෙන්නේ පිස්සෙකු ලෙසය.
මේ රටේ නීතිය හා සාමය රකින්නට සිටින පොලිසිය මේ හිමිනමට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?
මේ හිමිනම සිටින්නේ නීතියට උඩින්ද ?
මේ හිමිනම උග්‍ර දෙමළ විරෝධියෙකු සහ ජාතිවාදියෙකු ලෙසද යළි යළිත් ඔප්පු වෙමින් තිබේ.
මේ හිමිනම හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රබල අධාරකරුවෙක් ලෙසද ප්‍රකටය.

www.citizennewslk.com