ටෙනිස් පිටිය මහනගර සභාවට පවරාගෙන, දරුවන්ගේ අයිතිය රැකදෙන්න.!

0
69
dav

dav

dav
මීගමුව මහනගර සභාවේ මුදල් වැය කරමින් 2008 වසරේදි ඉදිකරන්නට යෙදුන ටෙනිස් පිටිය එදා පටන්ම පාලනය කරණු ලැබුවේ එවකට නගරාධිපතිව සිටි නිමල් ලංසාගේ හිතවතුන් මගිනි.එහි පාලනය කිසිවිටකත් නගරසභාවට පැවරුනේ නැත,මේ පසුබිම යටතේ ටෙනිස් පිටියෙන් මුදල් හමබ්කරගත් අය වුයේ එහි පාලනය භාරව සිටි නිමල් ලංසාගේ ගෝලයන්ය.

මේ අයගේ පාලනය හමුවේ ටෙනිස් පිටියේ දිනෙන් දින පරිහානියට ලක් වු අතර එහි සංවර්ධනය සම්බන්ධයෙන් කිසිදු ඵලදායි තත්වයක් පියවරක් ගැනුනේ නැත.
මේ පසුබිම යටතේ තවදුරටත් බලා සිටින්නට නොහැකි යැයි තින්දු කළ ටෙනිස් පුහුණුවිම් වල නියැලෙන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද ටෙනිස් පිටිය අභියසදි විරෝධතාවයක් පවත්වමින් කියා සිටියේ මෙය මහනගර සභාවට වහාම පවරාගෙන දරුවන්ගේ ටෙනිස් හැකියාව වැඩිදියුණු කිරිම සදහා පියවර ගන්නා ලෙසය.

dav
dav