උප්පැන්න සහතිකයක් කියා දුන් අමතක නොවන පාඩම ?

0
96

Elia-Locardi-Whispers-From-The-Past-The-Colosseum-Rome-Italy-1280-WMඉතාලියේ ජීවත් වන මාගේ දුවගේ තුන්වන දරුඋපතේදී ඇයගේ වැඩ කටයුතු වලට සහය වීමට මා ඉතාලි යාමට සූදානම් වූයෙමි.
visa ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මා විසින් සකස් කර ගැනීමට අවශ්‍ය වන අතර ඒ සදහා උප්පැන්න,මරණ හා විවාහ සහතික සියල්ල අවශ්‍ය වන්නේය. තවද ඒ සහතික මාස 3ක් ඇතුලත ලබාගත් මුල් පිටපත් විය යුතුය. ඒ අනුව සියළු සහතික වල මුල් පිටපත් ලබා ගෙන,ඒවා ඉංග්‍රීසි බසට පරිවර්ථනය කරගෙන,නැවත විදේශ කටයුතු අමාත්‍යන්ශයේ සෙලියූලර් අංශයෙන් සහතික කරගත යුතුය. ඉන්පසුවයි වීසා අයදුම් කිරීම සදහා බාර දිය යුත්තේ.ඒ සියල්ල සමගින් visa  අයදුම්පතද සම්පූර්ණ කරගෙන ඡායාරූප හා visa ගාස්තුද ගෙවා අයදුම්පත බාර දෙන ලදී.
පසුව සම්මුඛ පරීක්ෂණය සදහා තනාපති කාර්‍යාලයට යාමට දිනයක්ද ලැබුණි. අදාල දිනයේදී සම්මුඛ පරීක්ෂණය සදහා ගිය විට එහි නිලධාරියෙක් කියා සිටියේ මාගේ දුවගේ උප්පැන්න සහතිකයේ මාගේ උපන්දිනය වැරදි බවයි.
එය වහා නිවැරදි කරගෙන උදේ වරුවක 11ට පෙර ගෙනෙවිත් බාර දෙන ලෙස කියා සිටියේය. එය එසේ කියූ පමණින් ලෙහෙසි, පහසු කරුණක් නොවන බව මට මතක් වුණේ කලින් කී ලියකියවිලි සකස් කර ගැනීමටද මාසයක් පමණ කාලයක් ගතවූ හෙයිනි.

ඒ මොහොතේම ඉතාමත් ඉක්මණින් මේ සහතිකය නිවැරදි කර ගැනීමට අවශ්‍ය නිසා, මා මාලිගාවත්තේ මධ්‍යම ලේඛණාගාරය වෙත ගියෙමි. ඔවුන් මා අදාල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලය වන නාරාහේන්පිට කාර්‍යාලයට යැවීය. එහිදී එය නිවැරදි කිරීමට අයදුම්පතක් පුරවා බාරගත් අතර එය කලාප කාර්‍යාලය වන දෙල්කද පිහිටි කාර්‍යාලයට යැවිය යුතු බව පවසා මට රිසිට් පතක් ලබා දුණි. මේ සදහා මාසයක පමණ කාලයක් ගලවනු ඇතැයිද එහිදී පැවසීය.

එහෙත් මට එතෙක් බලා සිටිය නොහැක මේ වන විටත් මාගේ දියණියට දරුවා ලැබී ඇත. මා හැකි ඉක්මණින් යා යුු විය.
ඒ නිසා අපි දන්නා හිතවත් අයගේ සම්බන්දකම් කිහිපයක් සොයාගෙන නාරාහේන්පිටටත් දෙල්කද කාර්‍යායටත් කථා කොට මෙය ඉක්මන් කර ගැනීමට කටයුතු කලෙමි. එනමුත් හරියටම සති දෙකක කාලයක් මේ උප්පැන්න සහතිය ලබා ගැනීමට ගතවිය. ඒ නිසාම මාගේ කාලය මේ සදහා කෙතරම් නාස්ති වුණිද, සති දෙකක් තිස්සේ නාරාහේන්පිටටත් දෙල්කදටත් මාරුවෙන් මාරුව ගමන් කරන්නට සිදුවීම නිසා ත්‍රීෙරා්ද රථ වලටම මට විශාල මුදලක් වැය විය.
කෙසේ හෝ අවසානයේ නිවැරදි උප්පැන්න සහතිකය ලබා ගෙන එය කොන්සියුලර් කාර්‍යාලයෙන් සහතික කරගෙන තනාපති කාර්‍යාලයට බාර දුන් අතර දින 2කකට සුව මට visa  වීසා ලබා දුන් බව දැනුම් දුනි.

මෙයින් විදේශ ගතවන හෝ නොවන අප සැමදෙනාටම උගතයුතු පාඩම් කිහිපයකි.

  1. උප්පැන්නයක්,විවාහයක් හෝ මරණයක් ලියාපදිංචි කිරීමට අදාල පෝරම ඉතා නිවැරදිව පුරවා දිය යුතුයි. එය රෙජිස්ට්‍රාර් කාර්‍යාලයේ කෙනෙකු විසින් කරන්නේනම් අප වඩාත් නිවැරදිව නැවත නැවතත් කියවා බලා නිවැරදි බව තහවුරු කරගත යුතුයි. වර්ථමානයටත් වඩා අතීතයේ රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිලිමත්බව හා නැවත කියවා බලා නොමැති වීම නිසා ඒවා පසු කාලීනව නිවැරදි කරගැනීමට ගතවන කාලය හා සිදුවන රස්තියාදුව ඉතාමත් කණගාටු දායකයි.
  2. 21වන ශත වර්ෂයේ සිටින අප හා රාජ්‍ය ආයතන බොහෝමයක් සිය කටයුතු මේ වන විට පරිඝණක ගතකර ඇති අතර මෙවැනි වරදක් නිවැරදි කර ගැනීට මෙපමණ කාලයක් ගතවනවාද යන්න ගැන අපට ඇත්තේ ප්‍රශ්ණයකි. අප අපේක්ෂා කරන කාර්‍යක්ෂම රාජ්‍ය සේවය මෙයද??
  3. ඉතාමත් ඉත්මණින් විදේශගත වීමට visa ඉල්ලීමේදී අදාල අනෙකුත් සියළුම ලියකියවිලි නිවැරදි ලෙස සම්පූර්ණ කර ඇත්නම්,අවශ්‍යතාවයවත් සලකා බලා visa නිකුත් කිරීමට තානාපති කාර්‍යාලය උනන්දු නොවන්නේ ඇයි? නමුත් අපි දන්නා පරිදි හොර පාරෙන් හොරට ලියකියවිලි හදන ඕනෑ තරම් අයට අවශ්‍ය visa  ඉක්මණින් ලබා දී ඇති බවට වන තොරතුරුත් ඕනෑතරම් පවතිනවා. මෙහිදී විදේශගතවන පුද්ගලයාගේ ලියකියවිලි නිවැරදි වීම පමණක් ප්‍රමාණවත් නොවන්නේද? (මාගේ දියණියගේ උප්පැන්නයේ මාගේ උපන්දිනය නිවැරදි නොවීම නිවැරදි කිරීමට ගතවූ කාලය නිසා මාහට විශාල ප්‍රමාද වීමක් සිදුවිය.)
    මල්කාන්ති ප්‍රනාන්දු