මීගමු කලපුව හාරල වැලි බිස්නස් කරන්නේ කව්ද ?

0
87

tmp_6430-image-0-02-06-258e8c3b6d26597ba9b853079acf76c70b4273ca48edf3443d9988ddc7bac4f1-V-831142858tmp_6430-image-0-02-06-00c5c16355e715e9ae29e1a5ea57ce2fb407e1dfe4c9314abedb9652ea40f7f7-V-661242745මීගමුව ලෙල්ලම අසල පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙසින් විධිමත් රථගාලක් සහ තවත් අංග ඇතුලත් සංවර්ධන ව්‍යාපෘතියක් මේ දිනවල මීගමු කලපුව තුල ක්‍රියාත්මකය.
මෙහිදි දැන් මතුව ඇති එක් ප්‍රබල ගැටළුවක් වේ.
එනම් කලපුව හැරිමේ කටයුත්ත දැන් වැලි බිස්නස් එකක් ලෙසින් පරිවර්ථනය වි ඇතිද යන ප්‍රශ්ණයයි.
වැලි යනු අද දිනෙන් දින මිළ ඉහල යන්නකි.
මේ පසුබිම යටතේ මේ කලපුව හෑරිල්ල ක්‍රියාත්මක කරන පිරිම සිය අමතර අදායමක් ලෙසින් ඉවක් බවක් නැතිව වැලි හෑරිමක් සිදුකරන්නේද යන ගැටළුව දැන් පැන නැගි ඇත.
සමස්ත ලංකා ධීවර සමිති සම්මේලනයේ සභාපති අරුණ රෝෂාන් කියා සිටින්නේ දැන් මෙය වැලිජාවාරමක් බවට පත්ව ඇති බවත් මේ කලපු හැරිල්ල කලපු පරිසරයට ප්‍රබල ලෙසින් බල පෑ හැකි බවත්ය.
මීගමුව හිටුප නගරාධිපතිවරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ කලපුව හෑරිමේදි ඉවත් කෙරෙන පස් මීගමුව නගරයේ කුණු කසල බැහැර කරන කොච්චිකඩේ ප්‍රදේශයට ගෙනගොස් එය පුරවන බවට එකගතාවක් තිබුණද එය එලෙසින්ම ක්‍රියාත්මක නොවු බවය.

Save