පෝර්ට් සිටි ව්‍යාපෘතියෙන් ධීවරයන්ට ලක්ෂ 10 ක රක්ෂණයක්

0
96

tmp_30472-image-0-02-06-04dc37aae99e5fd968498b53740532d4b806920a54612a82212b5733d0aa0ab4-V-1663796756ධීවර අමාත්‍ය මහින්ද අලුත්වීර මහතා සහභාගී වූ රැස්වීමක් අද සවස  මීගමුව -මුන්නක්කරයෙදී පැවැත්විණි.  මෙම අවස්ථාවට  කොළඹ සිට පුත්තලම දක්වා පළාත් නියෝජනය කරමින් ධීවර සංගම් වල නියෝජිතයන් සහභාගී වී සිටියහ. පෝට් සිටි ව්‍යාපෘතිය යටතේ  ධීවර සමිති වලට රුපියල් ලක්ෂ 20ක් ද සෑම ධීවරයෙකුටම ලක්ෂ10ක රක්ෂණ ආවරණයක් ලබාදෙන බව ධීවර අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරන ලදී. මෙයට අමතරව බරු දැල්  කර්මාන්තය ඇතුළු ධීවර කර්මාන්තයට  අවශ්‍ය පහසුකම් සහිත උපකරණ ලබාදීම සම්බන්ධයෙන්  අමාත්‍යවරයා සදහන් කරන ලදි.  මෙහිදී සංඛේතාත්මක ප්‍රධානයන් කීපයක් ලෙස,  ධීවරයින් 10 දෙනෙකුට රක්ෂණ ප්‍රදානයන් ද ධීවර සමිති වලට ලබාදෙන ලක්ෂ 10 ද ප්‍රධානය කරන ලදී.
සියලූම ධිවරයින්ට ලබාදීමට නියමිත රක්ෂණාවරය මුහුදේ දී මෙන්ම ගොඩබිමේදී සිදුවිය
හැකි ආපදා ගණනාවකට අදාළ බව අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සහතික වන ලදී.portcity3pg portcity2ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න