බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් ගමන් ගත් ගුවන් යානයක් කඩා වැටේ..

0
129

_92706155_11avion

කොලොම්බියාවේ මෙඩැලින් නගරය දක්වා පියාසර කරමින් තිබූ මගීන් 81 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද දිනයේදී අනතුරට ලක්විය. පොලිස් වාර්ථා පවසන පරිදි මේ අනතුරෙන් දිවි ගලවා ගෙන ඇත්තේ 5 දෙනෙකු පමණි. ගුවන් යානයේ ගමන් කල අනෙකුත් සියළුම මගීන් මෙම අනතුරෙන් මියයන්නට ඇති බවයි වාර්ථා වන්නේ. මෙම ගුවන් යානයේ ගමන් ගත් මගීන් අර බ්‍රසීලයේ ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායමක් වන Chapecoense කණ්ඩායමේ සමාජිකයන්ද සිට තිබෙනවා.එම කණ්ඩායම කොලොම්බියාවේ පැවැත්වෙන Copa Sudamericana පාපන්දු තරගාවලියේඅවසන් තරගයට සහභාගී වීම සදහා මෙඩැලින් නගරයට පිටත්ව තිබුණේ මෙම ගුවන් යානයෙන්.

මෙම තරගාවලිය දකුණු ඇමරිකාවේ පැවැත්වෙන දෙවන විශාලතම අන්තර් සමාජ පාපන්දු තරගාවලියද වෙනවා. එම තරගාවලියේ අවසන් මහා තරගාවලිය  බදාදා දිනයේදී පැවැත්වීමට තිබූ අතර මේ වන විට එම අවසන් තරගය හා මෙම තරගාවලිය හා සම්බන්ද සියළුම කටයුතු අත්හිටුවීමට තරග සංවිධායකයන් තීරණය කර තිබෙනවා.

Chapecoense කණ්ඩායමේ නිලධාරීන් මේ සමබන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ සියළුම ක්‍රීඩකයන්,නිලධාරීන් ,මාධ්‍යවේදීන් හා අනෙකුත් සියළුම දෙනා සමග දෙවිදුන් මේ අවස්ථාවේදී සිටිනු ඇතැයි තමන්ට විශ්වාස බවයි. එලෙසම මේ වන විට එරට සියළුම වැසියන් මේ වන විට අඩා වැටෙමින් සිටින බවත් මෙම පාපන්දු කණ්ඩායම තමන්ගේ ජනතාවගේ සතුටට විශාලතම හේතුව බවත් එම බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

_92706151_036631323-1

මගීන් 72ක් සහ නිලධාරීන් 9ක් රැගත් මෙම ගුවන් යානය මධ්‍යම රාත්‍රියේදී කදුකර ප්‍රදේශයකට කඩා වැටී තිබෙනවා. වාර්ථාවල සදහන් වන පරිදි යානයෙන් ලැබුණු අවසන් පණිවිඩයේ සදහන්ව ඇත්තේ යානයේ කිසියම් වූ කාර්මික දෝෂයක් හටගෙන ඇති බවයි. කෙසේ හෝ යානය කඩා වැටී ඇති ස්ථානයට ලගා විය හැකි මාර්ග ඉතාමත් දුෂ්කර වීම නිසා හා කාලගුණික තත්වයේ පවතින අයහපත් ස්වභාවය නිසා මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට තාවකාලිකව අතහැර දමා තිබෙනවා. යානය කඩා වැටුන ස්ථානයෙන් ගිනිගැනීමේ ස්වභාවයක් දක්නට නොමැති නිසා ජීවිත්ව සිටින පිරිස තවත් වැඩිවිය හැකි බවට බලාපොරොත්තු තබා ගත හැකිවනු ඇති බවත් එරට බලධාරීන් තවදුරටත් සදහන් කර තිබෙනවා.

 

http://www.bbc.com අැසුරිණි
පරිවර්ථන සටහන – මිතිලායා ගමගේ