නගර සභාවට ඉඩම බදුදෙන්න දුම්රිය දෙපාර්තමේන්තුව බෑ කියයි…

0
49

මීගමුව රාජපක්ෂ පලල් පාරේ රීගල් සිනමා ශාලාව ආශී‍්‍රතව වසර ගනනාවක් වෙළදාම් කටයුතු කල වෙළෙදුන් පසුගිය කාලයේ ඉවත් කරන ලද්දේ එම ස්ථාන වල ඇති බැංකු වැනි ආයතන වලට බාධා ඇති වන බව පවසමිනි.

මීගමුව මහා නගර සභාව විසින් එලෙස එම ස්ථානයෙන් ඉවත් කල එම වෙළදුන් ට තම වෙළදාම් කටයුතු කර ගැනීමට වෙනත් ස්ථානයක් ලබා දෙන බවට පොරොන්දු වු අතර ඒ සදහා ඞී.එස් සේනානායක මාවතේ ( නයිට් බසාර් පාර ) දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් හිස් බිම් කොටසක් මාස 06 කට බදු වශයෙන් ලබා ගෙන එම වෙළදුන්ට ලබා දීමට මීගමුව නගරාධිපතිවරයා විසින් මේ වසරේ පෙබරවාරී 02 දා ප‍්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මාස 06 කට එම පර්චස් 26 සදහා තාවකාලික පදනමින් රු. 166399.96 ක වටිනාමකින් යුත් බදු මුදලක් නියම කර තිබේ. ඒ අනුව එම මුදල මීගමුව මහා නගර සභාව විසින් 331766 දරණ අංකය සදහන් චෙක් පතකින් ගෙවීම් කර ඇත. එහෙත් එම තාවකාලික පදනමෙන් ලබා දුන් එම ඉඩම මීගමුව මහා නගර සභාවට බදු නොදීමට දුමිරිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දුමිරිය දෙපාර්තමේන්තුව, නගරාධිපතිවරයාට 2012/07/25 දින ෆැක්ස් මගින් යොමු කල ලිපියේ සදහන් වී ඇත්තේ මීගමුව ආන්ඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දුමිරිය දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිය සැලකා බැලීමෙන් අනතුරුව මෙම අත්හිටුවීම කර ඇති බවයි.

ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ දුම්රිය සමාන්‍යාධිකාරී බී.ඒ.සී. ආරියරත්න මහතා එම ලිපියෙන් වැඩි දුරටත් මීගමුව මහා නගර සභාවට දන්වා ඇත්තේ එම භූමියේ කිසිදු ඉදිකිරීමක් කිරීමට හෝ නියෝජිතයින්ට ඇතුල් වීමට හෝ අවසරයක් නැති බවයි. මීගමුව රාජපක්ෂ පලල් පාරේ රීගල් සිනමා ශාලාව ආශී‍්‍රතව වසර ගනනාවක් වෙළදාම් කටයුතු කල වෙළෙදුන් පසුගිය කාලයේ ඉවත් කරන ලද්දේ එම ස්ථාන වල ඇති බැංකු වැනි ආයතන වලට බාධා ඇති වන බව පවසමිනි. මීගමුව මහා නගර සභාව විසින් එලෙස එම ස්ථානයෙන් ඉවත් කල එම වෙළදුන් ට තම වෙළදාම් කටයුතු කර ගැනීමට වෙනත් ස්ථානයක් ලබා දෙන බවට පොරොන්දු වු අතර ඒ සදහා ඞී.එස් සේනානායක මාවතේ (නයිට් බසාර් පාර) දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් හිස් බිම් කොටසක් මාස 06 කට බදු වශයෙන් ලබා ගෙන එම වෙළදුන්ට ලබා දීමට මීගමුව නගරාධිපතිවරයා විසින් මේ වසරේ පෙබරවාරී 02 දා ප‍්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.ඒ අනුව මාස 06 කට එම පර්චස් 26 සදහා තාවකාලික පදනමින් රු. 166399.96 ක වටිනාමකින් යුත් බදු මුදලක් නියම කර තිබේ. ඒ අනුව එම මුදල මීගමුව මහා නගර සභාව විසින් 331766 දරණ අංකය සදහන් චෙක් පතකින් ගෙවීම් කර ඇත. එහෙත් එම තාවකාලික පදනමෙන් ලබා දුන් එම ඉඩම මීගමුව මහා නගර සභාවට බදු නොදීමට දුමිරිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. දුමිරිය දෙපාර්තමේන්තුව, නගරාධිපතිවරයාට 2012/07/25 දින ෆැක්ස් මගින් යොමු කල ලිපියේ සදහන් වී ඇත්තේ මීගමුව ආන්ඩු පක්ෂ සංවිධායක සරත් ගුණරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් දුමිරිය දෙපාර්තමේන්තුවට යවන ලද ලිපිය සැලකා බැලීමෙන් අනතුරුව මෙම අත්හිටුවීම කර ඇති බවයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ දුම්රිය සමාන්‍යාධිකාරී බී.ඒ.සී. ආරියරත්න මහතා එම ලිපියෙන් වැඩි දුරටත් මීගමුව මහා නගර සභාවට දන්වා ඇත්තේ එම භූමියේ කිසිදු ඉදිකිරීමක් කිරීමට හෝ නියෝජිතයින්ට ඇතුල් වීමට හෝ අවසරයක් නැති බවයි.