අපි පාන් හදන්නේ එක් දින පාරිභෝජනයට පමණයි ! Choys වෙතින් පණිවිඩයක් !

0
65

1පසුගිය දිනවල මීගමුවේ ස්ථාන කිපයක වැටලිම් සිදුකළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතැම් ආපන ශාලා හිමියන් සදහා උපදෙස් හා අවසන් අනතුරු ඇගවිම්ද සිදුකරන්නට යෙදුන අතර තවත් ඒවා සදහා නඩු පනවන්නටද කටයුතු කර තිබුණි.
මේ අතර මෙම වැටලිම් සම්බන්ධයෙන් අප විසින් පළකරන්නට යෙදුණ පුවතකට ප්‍රතිචාර දක්වමින් මීගමුවේ ප්‍රධාන පෙළේ ප්‍රකට ආපන ශාලාවක් වන චොයිස් ආයතනයේ කළමණාකාරිත්වය මීපුරට කියා සිටියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන පාන් එක් දින පාරිහෝජනය සදහා පමණක් වන හෙයින් එහි කල්ඉකුත්වන දිනය සදහන් කර නොමැති බවය.
එමෙන්ම තවදුරටත් ඔවුන් කියා සිටියේ 30 වසරකට ආසන්න ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුල මේ ප්‍රශ්ණයක් පැනනැගුණ පළමු අවස්ථාව බවය.
60 දෙනෙකුගෙන් පමණ සමන්විත වන සිය කාර්ය මණ්ඩලය හැම විටම වඩාත්ම උසස් සහ විශ්වසනීය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියක් ඔස්සේ හොදම දේ මීගමුවේ සිය පාරිහෝගිකයා වෙතට ගෙන යාමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවද අවධාරණය කර සිටියේය.

 

Save