නාවික හමුදාපතිට ගම්පහ මාධ්‍යවේදින්ගේ විරෝධය! ( විඩියෝ )

0
46

537හම්බන්තොට වරායේ පැවැති විරෝධතාවය වාර්තා කරන්නට ගොස් සිටි මාධ්‍යවේදියෙකුට පහරදිමට විරෝධය පළකරමින් ගම්පහ මාධ්‍යවේදින් පිරිසක් විසින් අද ගම්පහ දුම්රිය පළ ඉදිරිපිටදි විරෝධතාවක් සංවිධානය  කොට තිබුණා.
ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව විසින් සංවිධානය කොට තිබුණ මෙම විරෝධතාවය  සදහා මෙම අවස්ථාව සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය සංගම් කිපයකම ප්‍රධාන ක්‍රියාකාරින් එක්ව සිටිනු දක්නා ලදි.
මෙම විරෝධතාවට එක්වෙමින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුෙව් කැඳවුම්රු සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැඳවුම්වරු ප්‍රෙඩී ගමගේ කියා සිටියේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 ක් ඝාතනය කළ මහින්ද රාජපක්ෂ සමයේ අවතාර යහපාලන තුලදි ද තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බවය.
එමෙන්ම රජයෙ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලන්සුරිය මහතා විසින් හම්බන්තොට සිදුවිම අරභයා නිකුත්කොට තිබුණ ප්‍රවෘත්ති නිවේදනයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ආචාරධර්ම මත පදනම් වු මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගිම සදහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මුල්වි මාධ්‍යවේදින් පුහුණු කිරිමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කිරිමට මුලපුරන ලෙසය
12

dav

Save

Save

Save

Save