තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පුත්තලමේ මාධ්‍යෙව්දීන් උද්ඝෝෂණයක

0
78

පුත්තලම් දිස්ත්‍රික් මාධවේදීන්ට තොරතුරු ලබාදීම පුත්තලම් දිස්ත්‍රික්කයේ රජයේ ආයතන කීපයක් විසින් ප්‍රතික්ෂේප කිරීම හා බාධා ඇතිකරන බව එම මාධ්‍ය සංවිධානයේ ලේකම් පවසයි.  එම ආයතන තන අතර  ප්‍රධාන ආයතනයක් වන්නේ හලාවත රෝහල  බව ද  එම සංවිධානය  විසින් නිකුත් කර ඇති දැන්වීමක සදහන් කර ඇත. මෙම තත්ත්වය හමුවේ මාධ්‍ය‍ෙව්දීන් මුහුණ පා ඇති ගැටළුව විසදාගැනීමට පුත්ලම් දිස්ත්‍රික් මාධ්‍යෙවේදීන්ගේ සංගමය විසින් එම ක්ෂේත්‍ර වල අදාළ වගකිවයුත්තන් දැනුවත් කළද කිසිදු වෙනසක් සිදුවී නොමැති අතර මේ තත්ත්වයට විරෝධය පෑම සදහා එම සංගමය විසින් හෙට හලාවත රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.  මෙම උද්ඝෝෂනය පෙරවරු 10.00ට  හලාවත මහ රෝහල ඉදිරිපිටදී පැවැත්වේ.