නිවි නිවී පත්තු වෙන හෙක්ටර් අප්පුහාමිගේ ‘‘ හෙල්පින් හෑන්ඩ්‘‘

0
103

පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි  දුප්පත් අසරණ ජනතාවට උදවු උපකාර කිරීමේ සත් පරමාර්ථයෙන්   ”හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුණ්‍යාධාර පදනම” නමින් පදනමක් ස්ථාපිත කිරීම සදහා වන පනත් කෙටුම්පතක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවට දිණමිණ පුවත්පතේ දැන්වීමක් පළකර තිබුණි.
මීට දස වසරකට පෙර යූ.එන්.පී ය බලයට එ්ම පිලිබදව කිසිදු බලාපොරොත්තුවක් නොමැති කාලයක්  තිබුණ අතර එකල හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට ඇති ගොඩනැගිල්ලේ අකුරු මැකී ගිය හේක්ටර් අප්පුහාමි පදනම නමින් පදනමක් විය. මේ පදනම නමට පමණක් තිබූ අතර  ඉන් කිසිවෙකුටත් කිසිදු ප්‍රතිලාභයක් ලැබුණ බවත් නම් නොපෙනුණි. මන්ත්‍රීවරයාගේ එකළ අදහස වූයේ පදනම් වලින් වැඩක් නෑ ඒවා කළා කියලා මිනිස්සු අපිට ජන්දේ දෙන්නේ නෑ යන අදහසකි. නමුත් කිසියම් ආකාරයකට ජර්මනිය හරහා  යම් ආධාරයක් හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට ලැබුණ බවත් ඒවා ඔහුගේම නෑයන් අතර බෙදාදුන් බවට ද ප්‍රෙද්ශයේ  චෝදනාවක් විය.
දුප්පත් අසරණ ජනතාවට උදව් කිරීමට සැරසෙන මන්ත්‍රීවරයා වයඹ පළාත් සභාවේ සිටි අවුරුදු ගණන තුළ මහජන මුදල් නාස්ති කරමින් තමන්ට ලැබුණ සියලු විදේශ සංචාර වල නිරත විය. පසුගියදා පැවති වයඹ පළාත් සභා 2017 අයවැය අවස්ථාවේදී  වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් හෙළිදරව් කළ පරිදි මෙම විදේශ සංචාර සදහා මිලියන ගණන් මුදල් වැයවෙන බව ජනතාවට අවබෝධ විය. මේ සියලුම විදේශ සංචාර වල නිරත වූ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට එදා දුප්පත් අසරණ ජනතාව ගැන මතක් වූයේ නැතිද?  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා  ජනතාවගේ මුදල් නාස්ති කිරීම ප්‍රතික්ෂේප කරමින්  සියලු විදේශ ගමන් වර්ජනය කරන විට හෙක්ටර් අප්පුහාමි   ආණ්ඩු පක්ෂය සමග එක්වී  මහජන මුදල් වැය  කරමින් සියලු විදේශ චාරිකා වල නිරත විය.  ඒ වගේම සිය  එක් අවුරුද්දකදී  තමන්ට ලැබුණ පළාත් සභා වාහනය විකුණාගත් අතර ඒ මුදල් සිය පුද්ගලික පරිහරණය වෙනුවෙන් විණා  දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් යෙදවූ බවක් නම් දැනගන්නට නොමැත.
හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රි්වරයා අනුගමනය කරන්නේ සජිත් ප්‍රේමදාස ගේ ගම් මට්ටමේ බිම් මට්ටමේ න්‍යාය නිසා  ඔහු  කල්පනා කරන්නේ තමන්  දුප්පත් අසරණ ජනතාවගේ ගැලවුම්කරුවා කියාය.  අඩු අදායම්ලාභි ජනතාව තමන්ගේ ජන්ද ගුණ්ඩුවක් සේ සැලකිම වෙනුවට ඔවුන්ගේ ප්‍රශ්න විසදිය හැකි ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමට වෙරදරනවා වෙනුවට සදාතනික සුබසාධන  වැඩපිළිවෙලක් තුළ හැමදාම දුප්පතුන්,අතපාන්නන් බවට පත්කිරීම වර්ථමාන දේශපාලකයාගේ වගකීම නොවනු ඇත. රටේ ජනතාව දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ මේ ජීවත්වන සමාජ ක්‍රමය,පීඩන චක්‍රය වෙනස් කිරීම විණා  තාවකාලික අඩුම කුඩුම නොවේ. සමාජයේ ඇති දිළිදුකම හැමදාම තිබෙනවා නම්  මැතිවරණ ක්‍රමයෙන් ඉවත් විය යුතු මනාප  ජන්ද ක්‍රමය ද  එකසේ පවතිනු ඇත. දිළිදුකම නැති කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථිකය හැඩගැස්සවීම මෙන්ම කප්පම් ගැනීම්, දූෂණය වැනි දේ දේශපාලනයෙන් අතුගා දැමිය යුතුය. මහජනතාව වෙත ගලා යා යුතු සංවර්ධන ප්‍රතිලාභ ඔවුන්ට සෘජුව ලබාදෙන වැඩපිළිවෙලක් ඇතිකිරීම ප්‍රඥාවන්ත දේශපාලකයාගේ කාර්්‍යභාර්යයි.

අලුතින් හදන්නට යන   ‘‘හෙක්ටර් අප්පුහාමි හෙල්පින් හෑන්ඩ් පුණ්‍යාධාර පදනම’ අනිවාර්්‍යෙයන්ම සිය මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින්  , මුදල් ආධාර  ලබාගැනීමට දරන උත්සාහයක්   බව පැහැදිලි  වන අතර මන්ත්‍රීවරයාට  අවංකවම ජනතාවට උදව් කිරීමට අවශ්‍ය නම් පළමුවෙන්ම කළයුත්තේ  තමන්ගේ මන්ත්‍රී වරප්‍රසාද නිසා ජනතාවට පැටවී ඇති බරෙන් ඔවුන් නිදහස් කර ගැනීමට පියවර ගැනීමය.15380474_1561407123876030_1572304297552638436_nපයස් ප්‍රනාන්දු/වෙන්නප්පුව