මහින්දගේ රැස්විමට කොළඹ යන්න සෙනග ආපු නැති හේතුව හෙළිවේ !

0
99

MR rally 2ජනවාරි 27 වෙනිදා නුගේගොඩ පැවැති රැළියට මීගමුව නියෝජනය කරමින් ගොස් තිබුනේ ඉතාමත් සුළු පිරිසකි.
මේ පිළිබදව පැවැති සංවිධාන කමිටු රැස්විම් වලදි ඉලක්කය වි තිබුනේ බස්රථ 10 ක් පිරෙන්නට සෙනග මිගමුවෙන් ගෙනයාමටය.
එහෙත් අවසානයේදි එහි ගොස් තිබුනේ 78 ක් තරම් සුළු පිරිසකි.
මේ පිළිබදව අප කළ විමසුමකදි මීගමුව මහින්ද පිළේ ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ රාජපක්ෂ පාලන සමයේ මිගමුවේ සිටි මැති ඇමත්තෝ ඔවුන්ට ලැබුන  තනතුරු වරප්‍රසාද සියල්ල පවුල්වල අය අතරේම බෙදා ගත් බවත් සරත් ගුණරත්න මහතා පමණක් තනතුරු 8 ක් සිය පවුලේ හා ලගම හිතවතුන් අතර බෙදාගෙන තිබුණ බවත් නිමල් ලංසාද එසේ තනතුරු මල්ලි , බිරිද මෙන්ම පියා ඇතුළු සිය සමිපතයන් හා බෙදාගෙන තිබුන බවත් මේ නිසා සෙනග අදින වැඩේදි මීගමුවේ ජනයා සහ අනෙකුත් ක්‍රියාකාරින් කළකිරි සිටින බවත්ය.