දේදුණු නගරයේ සමඟිය අනතුරේ…????

0
97

මීගමුව කතෝලික බහුතරයක් ද සමගින් සියළු ආගම් සාමයෙන් කාලයක් තිස්සේ කල් ගෙව්වේය. එහෙත් පසුගිය කාලය තුල එකනෙකා පරයා තැන තැන පිළිම ඉදිකිරිමේ  වැඩපිළිවෙලත් සමගින් අද සියළු ආගම් හා ජාතින් සාමයෙන් එක්ව කල් ගෙවු දේදුනු නගරය අද අර්බුදයක ගිලි යමින් පවති.

මීගමු මහනගර සභා භූමියේ දැවැන්ත ප්‍රතිමාවක්  තැනෙද්දි මීගමුව රෝහල් භූමියේ තවත් ප්‍රතිමාවක් තැනේ. ප්‍රතිමා ඒ ඒ ආගම් හා බැදුන සංස්කෘතික හා ආගම් ලැදියාවන් පිළිඹිමු කළද මහජන සේවා පොදු ස්ථාන අරඹයා එහි ඇති සිමිත ඉඩ ආගමික ප්‍රතිමා   ඉදිකිරිම් සදහා ඉල්ලිම මෙන්ම ඊට අවසර දිමද අද ගැටළු සහගත වි ඇත.

කෙසේ වෙතත් මේ සටහන තැබෙන අද දවසේ මීගමුව උණුසුම්ය. එයට හේතුව වන්නේ මීගමුවේ මහනගර සභා භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැබිමට අවසර ඉල්ලිම අරභයා මතුව තිබුන ගැටළුව පසුව පොලිසියේ මැදිහත්විමෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහි තින්දුව දැන් ප්‍රකාශයට පත්ව ඇත. එයට අනුව බුද්ධ ප්‍රතිමාවක් තැබිමට අධිකරණයේ අවසර ලැබි ඇත.කෙසේ වෙතත් අද මීගමුවේ ඇතැම් ප්‍රදේශවල ජනයා මීගමුව තම්මිට දෙවස්ථානය අසලට රැස්කරවිමෙ සුදානමක් ගැන වාර්තා වු අතර ඇතැම් දේවස්ථානවල සිනු නාද කරමින් ජනයා වෙත මේ පණිඩිඩය ලබා දි ඇතැයිද පැවසේ.

කෙසේ වෙතත් තම්මිටට රැස්ව සිටි එවන් කණ්ඩායමක් වෙත එහි පැමිණි කතෝලික පියතුමෙක් පවසා තිබුනේ අද පැවැත්විමට නියමිතව තිබු උද්ඝෝෂණය
කල්දමා ඇති බවයි.