රාජ්‍ය සේවයට අවමන් කරන නිලධාරින් මීගමුවේ නැතිද ?

0
49

අද පැවැති විරෝධතාවයේදි ඉදිරියෙන්ම ගෙන යන්නට යෙදුන බැනරයේ සදහන්ව තිබුනේ රාජ්‍ය සේවයට අවමන් කිරිමට එරෙහිව සිදුකරනු ලබන විරෝධතාවයක් ලෙසිනි.
ඒ අනුව බලන මීගමුවේදි මේ විරෝධතාවයට එක්ව සිටින්නට ඇත්තේ කිසිදාකවක් කිසිලෙසකින් වත් රාජ්‍ය සේවයට අවමන් නොකළ පිරිසක්ම විය යුතුය.
එහෙත් අප දන්නා මීගමුව ඉතිහාසය තුල රජයේ ඉඩම් වලට අතදිහැර ඩීල් දැමු නිලධාරින් මෙහි සිටියේ නැතිද ?
මීගමුව තුල පිහිටි රාජ්‍ය ඉඩම් පිළිබදව සිදුව ඇති ගණුදෙනුවලදි ඒවා විනවිදභාවයකින් යුත්තේමද ?
සුනාමි සමයේ නිවාස රැගෙන විකුණාගත් අයද මෙහි නැතැයි කිව හැක්කේ කාටද ?
එපමණක් නොව රජයේ සේවයට අමතරව වෙනත් රැකියාවල නිරත සිටින අය මේ විරෝධතාවයේ පෙරමුණේ සිටියේ නැතිද ?
වසර 5ක සේවා කාලයද ඉක්මවා වසර 12කටත් වඩා වැඩියෙන් මෙහි රැදි සිටින අය මේ විරෝධතාවයට එක්ව සිටියේද ?
මේ සියල්ලටත් වඩා පසුගිය රාජපක්ෂ පාලන සමයේ මැති ඇමත්තන්ගේ වැටුප ලේඛනයන්හිද නම් සදහන් ඒවායෙන් විවිධ වරදාන ලැබ රජයේ මහජන අධාර වැඩසටහන් පිල්ලි ගහනවාට අමතරව ස්ත්‍රින් හට වැඩි සැලිකිලි දක්වා ඒ විෂයට   කප් ගැසුවන් මේ විරෝධතාවයේ පෙරමුණ ගෙන සිටියේ නැතැයි කියන්නේ කව්ද ?
රාජ්‍ය සේවයන් එක් ස්ථානයක සේවය කළ යුතු වන්නේ වසර 5 ක් යැයි නියමයක් පවති.
එහෙත් මේ ප්‍රතිපත්තිය කැඩු අය අද දිනයේ විරෝධතා පුවරු අතදරා සිටියේ නැතිද ?
මේ අනුව බලන කළ මේ විරෝධතාවයට එක්ව සිටි බහුතරයක් සුපිරිසිදු සේවකයන් බරපතල ලෙසින් සිතිය යුතුව ඇත්තේ ඇගිල්ලක් ඉදිරියට දිගුකර පෙන්විමේදි තවත් ඇඟිලි 3 ක් තමන්ගේ දෙසට හැරි ඇති බවය.ඒ දෙස බලාගෙනම හෘද සාක්ෂියට එබි බලන්න.
එවිට ඔබට රාජ්‍ය සේවයට මීගමුවේදි අවමන් කළ අය ගැන නිතැතින්ම ඔබගේ මනසට පැමිණෙනු ඇත.
ඒ අයගෙන් රාජ්‍ය අංශය ඔබට මීගමුවේදි බේරාගත නොහැක්කේ නම් පරදින්නේ මේ රට තුල ප්‍රතිපත්තිගරුක රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරිමේ සිහින දකින අවංක මිනිසුන් පිරිසකි.යහපාලනය හරහා අප ස්ථාපිත කරගතයුතුව ඇත්තේ අභිමානයක් සහිත රාජ්‍ය සේවයකි.

tmp_20416-image-0-02-06-ee82875394ff63f6ab5688f892bdff81ed597f43da0297db6e64d638aa1bd020-V-768936143සමෘද්ධි කළමණාකරු ජයපද්ම මහතා ඇතුළු පිරිස

tmp_20416-image-0-02-06-23188cb560345c6069113b60d9efaf8ec3909167dae1b7f32de89722fa66b9e2-V64546389 නිපුනතා සංවර්ධන නිලධාරි ඥානසේන  මහතා ඇතුළු පිරිස.

tmp_27735-image-0-02-06-159edffc4db285bd4b9a076ff89861e6d9f88bf0ca073665b9a05b09e68495fd-V959149298ඉඩම් නිලධාරි මාධව මහතා ඇතුළු සේවකයන් පිරිස

tmp_27735-image-0-02-06-6db27ebc45f1258f707fc09259f85ef084f440bf819ae08ed35c474fa193b835-V-349803401ග්‍රාම නිළධාරි මිරුන්ඩො  මහතා ඇතුළු පිරිස

 

Save

Save

Save