මීගමුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ අල්ලස් මාෆියාවට නිලධාරීන්ගේත් සහය..

0
1358

tmp_26818-received_10154811258361014-1860368230(දෙවන සංස්කරණය -)මීගමුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් කිසිම දෙයක් අල්ලස් නොදී කර ගැනීමට නොහැකි තත්වයක් උදා වී අැත. මහත්වූ ඛේදවාචකය වී අැත්තේ ඒම අල්ලස් ගැනීම ඉතාමත් ප්‍රසිද්ධියේ සිදුවන සාමන්‍ය දෙයක් බවට පත්ව තිබීමයි.tmp_26818-received_10154811259131014909707786

තමන්ගේ ඉඩමක පත්ඉරුවක් බලා ගැනීමට, මූල්‍ය අායතනයකින් ණයක් ගැනීමට, අත්සන් කරන උකස් ඔප්පුවක පත් ඉරුව ලබා ගැනීම වැනි ඉඩම් හා සම්බන්ද විවිධ සේවාවන් ලබා ගැනීමට දිනක විශාල පිරිසක් මීගමුව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත පැමිණේ.
මෙස් පැමිණෙන අයට  සේවා සැපයීමට අායතනය ඉදිරියේ කවුළු කිහිපයක්ම අැත. ඕනෑම කෙනකුට මෙම කවුළු වල සේවය කරන රාජ්‍ය සේවකයන් හරහා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගත හැක.එහෙත් මෙම කවුළු වලට අමතරව තවත් නිල නොවන කාර්යාලයක් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඉදිරිපිට අැත. ඒහි තැරව්තරුවන් හා තැරව්කාරියන් කිහිපෙදෙනකි.ඕනෑම ලියවිල්ලක් හා තොරතුරත් ලබා ගැනීමේ හැකියාව ඔවුනට අැත. ඒ් සදහා කල යුතුව අැත්තේ ඔවුන්ට රු.500 ක සිට රු.1000ක අල්ලසක් ලබා දීමය.tmp_26818-received_10154795948416014-1656082080මෙය ඉතාමත් ක්‍රමාණුකූලව රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවකයන් සම්බන්ද කර ගනිමින් සිදුවන අල්ලස් මාෆියාවකි. මේ සදහා තම කටයුතු කඩිනමින් කරවා ගැනීමට මෙසේ කාර්යාලයේ සැරිසරන තැරැව්කරුවන්ට අල්ලස් ලබා දීමට ජනතාව පෙළඹවීම ඉතාමත් අවසනාවන්ත තත්වයකි.

මේ මහා අල්ලස් මාෆියාව රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඉහල සිට පහලටම ක්‍රියාත්මක වන බවක් දැකිය හැක. මෙය වහා නතර කිරීමට අදාල අංශ වෙත මෙසේ දැනුවත් කරන්නෙමු.