මහමගදී ගවයෙකුට සැත්කමක් කල ශල්‍ය වෛද්‍යවරයා..

0
44

තම පවුලේ මංගල උත්සවයකට යමින් සිටින අවස්ථාවක ඒකල ප්‍රදේශයේදී තමගේ රථයට හැපුනු ගවයෙකුට ඒ අවස්ථාවේදීම අවශය ප්‍රතිකාර හා ශල්‍යකර්මයක් සිදුකිරීමේ අවස්ථාවක් පසුගිය 04 වනදා වාර්ථා විය.

ඔහු නමින් වෛද්‍ය රන්දිල් ප්‍රමෝද ද අල්විස් වන අතර මහරගම පිලිකා රෝහලේ ශල්‍යෙවෙද්‍යවරයෙක් බවද වාර්ථා වනවා.තම බිරිදගේ නැගනියගේ විවාහ උත්සවයට සහභාගීවීමට ඒකල ප්‍රදේශය පසුකරමින් සිටියදී බල්ලෙකු විසින් පසුපසින් එලවීමකවර  නිසා කලබලවූ ගවයෙකු එකවර මාර්ගයට පැණීම නිසා එම ගවයා වෛද්‍යවරයා ගමන්ගත් මෝටර් රථයේ හැපී තිබෙනවා. එම අනතුරින් ගවයාගේ පාද දෙකක් රථයේ වැදී ඇති අතර එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ ඇත. ඒ අවස්ථාවේම ක්‍රියාත්මක වූ ශල්‍ය වෛද්‍යවරයා ගවයාගේ අස්ථිය සකසා තුවාලයට මැහුම් දමා අවශයකරන ශල්‍යකර්මය හා ප්‍රථිකාර සිදුකර ඇත. ඒ අවස්ථාවේ ඒ අසලින් ගමන්ගත් කොළඹ ජාතික රෝහලේ තාක්ෂණ ශිල්පී මහත්මයෙක්ද වෛද්‍යවරයාට මේ සද්කාර්‍ය සදහා අවශයකරන සහය ලබා දී ඇත.

ගවයාගේ අයිතිකාර කාන්තාව දුප්පත් සාමාන්‍ය කාන්තාවක් වන අතර ශල්‍යකර්මය අවසානයේදී තමන්ගේ ගවයාගේ ජීවිතය බේරා ගැනීම සම්බන්දයෙන් ඇය වෛද්‍යවරයාට අතිශයින් තමන්ගේ කෘතඥතාවය පල කර ඇත. ශල්‍යකර්මය අවසානයේ තමන්ගේ රථය පිලිබද සොයාබැලූ වෛදයවරයාට ඔහුගේ රථය පනගැන්වීමට පවා නොහැකි වන ආකාරයට අනතුරට ලක්වී ඇති බව දැනගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. පසුව ඔහු විසින් එය ගරාජයක් වෙත ගෙනගොස් ඇත.

කෙසේ හෝ තම පවුලේ විවාහ මංගල උත්සවය පසෙකලා තමාගෙන් කිසිදු වරදක්ද නොවී සිදුවූ අනතුරෙන් තුවල ලැබූ ගවයෙකුගේ ජීවිතය බේරා ගැනීමට ක්ෂණිකව ඉදිරිපත් වූ ශල්‍ය වෛද්‍ය රන්දිල් ප්‍රමෝද ද අල්විස් මහතා අප විශේෂයෙන් අගය කරන්නේමු.


1

3

2

 

6

 

5

4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඡායාරූප හා වීඩියෝ – අසංග රනිල් ද අල්විස් මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.