සිහින රැයකට ආ විප්ලවාදියා ………

0
208
 Bahu 1Bahu 2
: කවුරුන් මොන ආකාරයෙන් චෝදනා එල්ල කලත් මේ රටේ සිටින අවංක , ඉතා ඍජු ලෙස තමන් දරන මතය ඉදිරිපත් කරන මානව හිතවාදී දේශපාලකයා වන්නේ ආචාර්ය වික්‍රමභාහු කරුනාරත්නයි. වසර පනහකට ආසන්න කාලයක් තමන් විශ්වාස කරන දේශපාලන දර්ශනය තුලම සිටිමින් ඔහු ඉදිරිපත් කරන යතාර්ථවාදී සංකල්ප තුට්ටු දෙකේ දේශපාලකයින්ට බහුභූත ලෙස පෙනුනත් සැබැ ලෙසම ඔහුගේ දේශපාලන අදහස් මේ රට වඩා ඉහල තැනකට ඔසවා තැබිය හැකි බව මගේ අදහසයි. තනතුරු -වරදාන වෙනුවෙන් කිසිම විටක තම ප්‍රතිපත්ති පවා නොදුන් මෙම දේශපාලන චරිතය පිලිබදව ඉදිරියේදී බොහෝ අය බොහෝ දේ ලියනු ඇත . ඔහු කොයිතරම් සුන්දර මිනිසකුදැයි මනාව විද්‍යාමාන වුයේ 2017 මාර්තු 05 දින රාත්‍රියේ ජාතික රුපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශනය වූ ” සිහිනයකි රෑ” සංගීතමය වැඩසටහන තුලිනි. තමන් කැමති ගීත දහයක් තෝරාගෙන කිසියම් ගායකයෙකු ලවා ගායනා කරවන මෙම සුන්දරර වැඩසටහනේදී ඔහු තෝරාගෙන තිබු ඉතා සරල ගීත විග්‍රහ කරමිනි අපි කිසිවකු නොසිතන මානයක් කරා වික්‍රමභාහු කරුනාරත්න අපව කැදවාගෙන ගියේය. ආදරයේ ඇති සුන්දරත්වය විග්‍රහ කිරීමට ඔහු තෝරාගෙන තිබුනේ එච් .ආර් . ජෝතිපාල ගැයූ “පායා ඇයි හිනැහෙන්නේ” ගීතය සහ මිල්ටන් පෙරේරා ගැයූ “සදුන් ගසක එති සමන් ලතාවක මල් පරවී යනවා ” ගීතයි . එසේම අධිරාජ්‍යවාදීනට එරෙහිව අප කල අරගලය අප පරාජය වුවත් ඒ පිලිබදව කියවෙන ” බිම්බරක් සෙනග ගැවසුණු” ගීතය විග්‍රහ කරමින් වර්තමානයේ මෙරටේ සම්පත් විජාතිකයින්ට විකිනීමට වෙරදරන නායකයින්ට ඇතුල් පරහරක් ගැසුවේය. මෙරටේ නව පරපුර කෙරෙහි දැඩි විශ්වාශයකින් කතාකරන ආචාර්ය කරුණාරත්න අපට ලෝකය ජයගත හැක්කේ සිංහල දෙමල මුස්ලිම් මැලේ සහ බර්ගර් ලෙස එකිනෙකාගේ අනන්‍යතාවන්ට ගරු කරමින් ශ්‍රී ලාංකිකයන් ලෙස අපේ සැබැ දක්ෂතාවයන් ඉදිරියට ගෙන යාමෙන් මිස අපේම සහෝදර සහෝදරයින් මරා දමන යුද්ධයකින් නොවන බව පුන පුනාම කිව්වේය.

අරුණ ශාන්ත නෝනිස්