”සිහින සිතුවම්” ජනගත වු දා ….

0
117

3

“ගුරුවරයෙකුට දරුවෙකුට උගන්වන්නට නොහැකිය. දරුවා ඉගෙනගත යුතුය. ඒ සදහා අවශ්‍ය මානසික සහ භෞතික වටපිටාව සකස්කරදීම ගුරුවරයාට කල හැකිය. එය ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරයයි . මම දැන් විශ්‍රාමික සුවයෙන් පසුවෙනවා . සැබවින්ම ගුරුවරයෙකු ලෙස කටයුතුම කාලයේ මට ඒ වෙනුවෙන් යොමුවීමට නොහැකිවීම ගැන මට තියෙන්නේ දුකක්, වේදනාවක්!
81614
අද අධ්‍යාපනය මුළුමනින්ම වානිජකරණය වෙලා .මෙය මහා ඛේදවාචකයක් !අපිට අද උඩුගම්බලා පිනන ගුරුවරුන් අවශ්‍යයි .” ප්‍රැන්සිස් පලිහවඩන ගුරු පියාණන් එසේ පැවසුවේ තමන්ගේ 80/81 උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලැබූ නෙවිල් ද සිල්වා ලියු “සිහින සිතුවම්” සංකල්පනා සංග්‍රහය දොරට වැඩිමේ චාම්, එහෙත් ඉතාගාම්භිර උත්සවයේදීය. එය පසුගිය 12 වන ඉරිදා සවස මිගමුව ජනාවබෝධය මධ්‍යස්ථානයේදී පැවැත්වුනි. කලාවේ විවිධ ඉසව් සොයාගිය නෙවිල් රෝගාතුර වීම නිසා කලක් නිහඩව සිටි අතර ඔහුගේ යලි ආගමනය මෙම නිර්මාණ සංග්‍රහය සමග සිදුවේ. වරක් තරුණ සේවා සභාව මෙහෙයවූ යොවුන් නාට්‍ය තරගාවලියේදී සම්මාන එකොළහක් (11) දිනාගත් “මනුසත්තු ” නාට්‍යයේ නිෂ්පාදකයා නෙවිල් ය. 1517910125තවත් නිර්මාණ ගණනාවකටම දායකත්වය ලබාදුන් ඔහු මීගමුව ලොයලා විදුහලේ සිංහල ගුරුතුමකු ලෙස තවමත් කටයුතු කරයි. මෙම දොරට වැඩිමේ උත්සවයේදී නෙවිල්ගේ සමකාලීන පාසල් මිතුරන් කීපදෙනෙකුම අදහස් දක්වන ලද අතර ප .සි ,දු. පුරනන්ද සාහිත්‍ය වෙදියානන්ද , සිඩ්නි මාක්ස් ඩයස් ප්‍රවීන රචකයාද ඇතුළුව තවත් කීපදෙනෙක්ම අදහස් දැක්විය. ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාද නෙවිල්ගේ ජනතාව වෙනුවෙන් පෙනිසිටීමේ කැපවීම පිලිබදව සහ අපරිමිත දහිරිය පිළිඹදව කතා කළේය.
අරුණ ශාන්ත නෝනිස්. (අශාණෝ)