මුහුදු කොල්ලකරුවන්ගෙන් මිදුන ශ්‍රීලාංකිකයින් ලගදීම දිවයිනට

0
61

පසුගියදා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහනයට පත් Aris 13 නැව මේ වනවිට නිදහස්වී ඇති අතර එම නෞකාවේ සිටින සියලුම දෙනා කිසිදු කරදරයකින් තොරව සිටින බව වාර්තා වේ.  මෙම නෞකාවේ ශ්‍රිලාංකියන් 8 දෙනෙකු සේවය කරමින් සිටි අතර මේ වනවිට ඔවුන් සේවය කරමින් සිටින නැව සෝමාලියාෙව් පිහිටි  බොසාසෝ වරායට  ආරක්ෂිතව ළඟා වි ඇත.
ශ්‍රී ලාංකිකයින් 08 දෙනා සමග මෙම නැවත ලංකාවට පැමිණීමට තව දින 10ක් පමණ ගතවන බවද විදෙස් ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
Aris 13 නැවේ ෂන්මුගම් නම් 67 හැවිරිදි පුද්ගලයෙකු සේවය කරන අතර ඔහු මෙම නැවේ ප්‍රධාන කෝකියා වේ.  1980 පමණ සිට නැව් සේවයේ නියලුන ඔහු
මීගමුව දළුපත පදිංචි දෙදරු පියෙකි. ඔහුගේ ඥාතීන් පවසන්නේ මේ වනවිට ඔවුන් කිසිදු උපද්‍රවයකින් තොරව නැවේ සේවයේ නිරතවන බවයි.

d1530b9ce93b41db9268bb0a05b5bb07_18