ත්‍රිමලේ ධීවරයෝ පිරිසිදු දේශපාලකයන් සොයයි!

0
264

tmp_17110-FB_IMG_14903461627351747313104පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමට ත්‍රිකුණාමලය ධීවරයන්ගෙන් සංදේශයක්
පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ ත්‍රීකුණාමලයේදී පැවති සමුළුවේදී මුහුදු මගින් බෝට්ටුවෙන් පැමිණි ත්‍රීකුණාමලය ධීවර සමිතියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් තමන්ගේ යෝජනා ඇතුළත් සංදේශයක් මාර්තු 12 ව්‍යාපාරය වෙත බාරදීම සිදු කෙරිණි.tmp_17110-FB_IMG_14903461225011690531433
මැතිවරණ වලදී විශේෂයෙන් පළාත් පාලන මැතිවරනයෙදී ධීවර ජනතාවටද නියෝජනයක් අවශය බවත් එමෙන්ම ඉදිරි මැතිවරණ වලදී විශේෂයෙන් ධීවර ජනතාවගේ අවශ්‍යතාවයන් හදුනන අපේක්ෂකයන් දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කල යුතු බවත් එම සංදේශයේ සදහන් වේ.tmp_17110-FB_IMG_1490346154958-564780674
ත්‍රිකුණාමලය වෙරල අසලදී මුලින් ම උද්ගෝෂණයක යෙදුනු ඔවුන් පසුව පැමිණ මෙම සංදේශය ඉදිරිපත් කළහ. සාම්ප්‍රදායක ධීවර කර්මාන්තයේ යෙදී සිටින තමන්ට එල්ල වී ඇති අභියෝග පිලිබදවද සංදේශය මගින් කරුණු දක්වා ඇති ඔවුන් පන්න දැල් ක්‍රමය වැනි ධීවර වෘත්තියට අනතුරක් වී ඇති ක්‍රමයන් තහනම් කරවා ගනීමටද ඔවුන් සහයෝගය ඉල්ලා ඇත.
පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම මුලතිව් සිට වැලිඔය, පදවිය, පුල්මුඩේ හා නිලාවැලි නගර පසුකරමින් ත්‍රීකුණාමලය නගරය කරා ළගාවූ අතර වැලිඔය හා නිලාවේලි නගරවලදී සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් රථ පෙලපාළිය හා එක්වීම කැපීපෙනුනි.
අනතුරුව ත්‍රීකුණාමලය දිස්ත්‍රික් සමුලුව පස්වරු 4ට ආගමික නායකයින් හා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් ත්‍රීකුණාමල වෙරළ තීරයේදී ආරම්භවූ අතර දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නියෝජිතයෝ එහිදී අදහස් දැක්වූහ.