වසර 500ක් පැරණි භාෂාවක් රැකගැනීමට උත්සාහයක්..

0
136
කෙවින්ස් මාටන්ස් වොන්ග්

සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වන කෙවන් මාටන්ස් වොන්ග්ට දිනක් අහම්බයෙන් මෙන් තමන්ගේ පාරම්පරික භාෂාව පිලිබදව දැනගන්නට ලැබෙනවා. ඒ ඔස්සේ දිගින් දිගටම තමන්ගේ අවදානය යොමු කරන ඔහුට දැනගන්නට ලැබෙන්නේ තමන්ගේ මුතුන් මිත්තන්ගේ පරම්පරාව පවා භාවිතා කර ඇති මෙම භාෂාව  ” ක්‍රිස්ටැන්ග් ” නම් භාෂාවක් බවයි.

කෙවින්ස් මාටන්ස් වොන්ග්
කෙවින්ස් මාටන්ස් වොන්ග්

කෙවන් මාටන්ස්ට ඔහුගේ කුඩා කාලයේදී විටින් විට ඒ භාෂාවේ ඇතැම් වචන අසන්නට ලැබී තිබෙනවා.නමුත් ඔහුගේ ආච්චිලා සීයලා පවා මේ භාෂාව භාවිතා කර තිබුණේ ඉතාමත් කලාතුරකින්. ඔහුගේ පාසල් කාලයේදී ඔවුන් මැන්ඩරින් වැනි භාෂාවන් ඉගෙන ගත්තත් ඔවුන්ගේ දෙම්පියන් නිරතුරුවම ඔවුන්ව උනන්දුකර තිබුණේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමටයි.

ක්‍රිස්ටැන්ග් භාෂාව පෘතුගීසි යුරේසියානු භාෂාවක්.පෘතුගීසි රාජ්‍යයේ සිට සිංගප්පූරුව හා අවට රාජ්‍යයන් වෙත සංක්‍රමණය වූ පෘතුගීසි ජාතිකයන් 16 වන සියවසේදී පමණ  එම ප්‍රදේශවල කාන්තාවන් හා විවාහ වී එම ප්‍රෙද්ශවලම පදිංචි වීම නිසා මේ භාෂාව සිංගප්පූරුව වැනි රටවල් වල භාවිතා වී  නිබෙනවා. 19 වන සියවස පමණ වන විට මලයානු දූපත් සමූහයේ 2000ක් පමණ පිරිසක් මෙම භාෂාවෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කල තිබුණත් මේ වන විට එම භාෂාව කතා කිරීමේ හැකියාව ඇති පුද්ගලයන් සිටින්නේ 50ක් පමණ බවයි කෙවන් මාටන්ස් පවසන්නේ.

මෙම භාෂාව මේ ආකාරයෙන් භාවිතයෙන් ඉවත් වීමට බලපා ඇත්තේ මලයානු දූපත් සමූහයේ ජනතාව විසින් එය ආර්ථිකමය වශයෙන් නොගැලපෙන භාෂාවක් වශයෙන් පිලිගැනීමයි. ඉංග්‍රීසීන් විසින් මෙම රටවල් පාලනය කරන සමයේදී පෘතුගීසියේ සිට පැමිණි පිරිසු වෙත රජයේ රැකියාවල් හිමිවීමෙන් ක්‍රිස්ටැන්ග් භාෂාවට වඩා ඉංග්‍රීසි භාෂාව වඩාත් වැදගත් බව සිතා තමන් මෙන්ම තමන්ගේ දරුවන්ට පවා මෙම භාෂාව භාවිතා කිරීම තහනම් කොට ඉංග්‍රීසි භාෂාව වෙත යොමු වී තිබෙනවා.

නමුත් මේ වන විට කෙවන් මාටන්ස් ඇතුළු ස්වේඡාවෙන් ඉදිරිපත් වූ පිරිසක් ක්‍රිස්ටැන්ග් භාෂාව එරට ජනතාව වෙත උගැන්වීමට ඉදිරිපත් වී තිබෙනවා. පෘතුගීසි යුරේසියානු සම්භවයක් ඇති බොහෝ පිරිසක් මේ වන විට මෙම පන්ති වෙත සහභාගී වෙමින් සිටිනවා. ඒ අතර කෙවන් මාටන්ස්ගේ දෙමාපියන්ද සිටීම විශේෂයක්.ඔවුන් පවසන්නේ තම පරම්පරාවේ භාෂාව තම පුතාගෙන් ඉගැනීම තමන්ට කිසිවිටකත් ලැජ්ජාවක් නොවන බවයි.

මේ ආකාරයෙන් තමන්ගේ ඓතිහාසික භාෂාවක් රැකගැනීමට උත්සහ දරන මෙම පිරිස පවසන්නේ ඉදිරියේදී මේ භාෂාව වැඩි පිරිසක් අතරේ පැතිරවීම තම කණ්ඩායමේ අරමුණ බවයි.

ක්‍රිස්ටැන්ග් භාෂාව හොදින් හැසිරවිය හැකි කිහිප දෙනෙක්ගෙන් කෙනෙක්
ක්‍රිස්ටැන්ග් භාෂාව හොදින් හැසිරවිය හැකි කිහිප දෙනෙක්ගෙන් කෙනෙක්

s3


චින්තිකා මිතිලායා ගමගේ
http://www.bbc.com ඇසුරිනි.