ඇයි මේ AC බස් හැමදාම කැඩෙන්නේ ??

0
83

හලාවත සිට  කොළම බලා ධාවනය වෙමින් තිබූ  AC බස් රථයක් අද පෙරවරුවේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නතර කලේය. ඒ වන විට ඒ බසය තුළ සම්පූර්ණ සීට් ගණන පිරී තිබුණ අතර මගීන් වැඩි දෙනෙක් කොළඹ බලා යාමට සූදානමින් එම බසයට ගොඩවී තිබුණි.
මෙම සිදුවීම වන විට 10-20 ට පමණ වී තිබුණි.  කොච්චිඩේට එමට පෙර සිටම එහි වු දෝෂයක් හේතුවෙන් බසය තැන් කීපයක නවතා නැවත පණගැන්වූ අතර මේ කටයුත්ත සිදුකළේ බසය පැදවු රියදුරා වෙනුවට කොන්දොස්තරවරයා විසිනි.අපේ හැගුනේ රථියේ රියදුරු එතරම් පලපුරුද්දක් නැති  අයෙක් බවය.

කොච්චිකඩේ ටවුමට පෙර ඇති හෝල්ට් එක අසලදී
නැවතත් දෝෂයක් පැමිණිනු. එ ් නිසා මගීන් සියල්ල බසයෙන් බසවා වෙන බසයකට ගොඩ කළ අතර , ඔවුන්ගේ ධාවනය එතැනින් නැවතිණි.

හලාවත කොළඹ, පුත්තලම් හලාවත මාර්ගයේ යන  ඒ සී බස් මේ ආකාරයෙන් මාසයකට කීපවතාවක් කැඩෙන තඅර මගියන් මහමග රස්තියාදු වෙති. මගීන්ටද කරන්නට ඇත්තේ වෙන බසයක නැග ගමනේ ඉතිරි ටික
යාමටය. ඒ නිසා කිසිවෙකු මේ ගැන අදාළ සථානයකට දැනුම් දෙන්නේ ද නැත. මගීන්ගේ යහපත වෙනුවෙන් මෙම මාර්ගයේ දී නිතර දකින්නට ලැබෙන ප්‍රවාහනයේ ගැටළු විසදීම රජයේ යුතු කමක් වන අතර ඒ සදහා මහජනතාවගේ මැදිහත්වීමක් ද අවශ්‍යෙව්.  මාර්ගයේ ධාවනය වන ඒ සී බස්වල  ප්‍රමිතිය පිළිබදව  බොහෝ ගැටලු ඇති අතර අද සිදුවූ දෙය මගීන්ට නිරන්තරයෙන් මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්නයකි.