තරුණියට අතවර කළ උළුමෝල් හිමියාගේ ඇප ප්‍රතික්ෂේප වේ

0
103

(දෙවන සංස්කරණය)
දළුපත ප්‍රදේශයේ උලු කර්මාන්ත ශාලාවක අයිතිකරුවෙක්  තම සේවකයාගේ 22 හැවිරිදි බිරිඳට ලංගික බලහත්කාරකම් කර ඇයගේ බිලිදාට පහරදීමේ වරදට කොච්චිකඩේ පොලීසිය විසින් පසුගිය  31 වනදා  ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර කරන ලදී..
අත්අඩංගුවට ගත් උළුමෝල් හිමිකරු අද (03) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී ප්‍රධාන  මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා විසින් මොහුගේ ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ අතර නැවත සැප්තැම්බර් මස 07 වනදා තෙක් රිමාන්ඩ් භාරයට පත්කරීමට නියෝග කරන ලදී.
මෙම සිදුවීමට මුහුණ පෑ කාන්තාවගේ වයස අවුරුදු 22ක් වන අතර එම අවස්තාවේදී ඇගේ සැමියා නිවසෙන් බැහැරව සිට ඇත.  එම අවස්ථාවේදී නිවසට පැමිනි මෙම පුද්ගලයා විසින්  දරුවාට ද පහරදී කාන්තාවට ලිංගික අතවර කර තිබේ. මේ වනවිට මෙම කාන්තාව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබයි.

hmඑම්.ඉෂෙඩ් සාජහාන්