සිංබෝ ගිණිකෙලි කම්හලේ මේ වසරේත් පිපිරිමක් ! අයිතිකරුත් මිය යයි ?

0
207

IMG_3159කිඹුලාපිටිය ඉද්දගොඩැල්ල ප්‍රදේශයේ ඇති ‘සිංබෝ’ නම් රතිඤ්ඤා කම්හලේ අද දහවල් 2 ට පමණ ඇතිවූ පිපිරීමකින් දරුණු පිළිස්සුම් සහිතව කම්හල අයිතිකරු සහ සේවකයෙකු මියගොස් තිඛේ. මෙම ස්ථානයේ නිෂ්පාදනය කර ඇත්තේ විසිල් බම්බු අහස් වෙඩි වර්ගයකි.
පිපිරීම සිදුවී ඇත්තේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඇතිවූ දෝෂයක් නිසා බවට දැනට සැකකෙරන අතර කටාන පොලීසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලබයි. ගිණිකෙලි කම්හල තුළ ඉතිරි වී ඇත්තේ  ඒවා නිශ්පාදනය කරන මැෂින් දෙකක් වන අතර කම්හල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි.මෙම ස්ථානයේ පසුගිය වසරේද පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස්  ඇති බවද වාර්තා වේ.
මෙම පිපිරීම නිසා අසල්වැසි නිවෙස් දෙකකටද අලාභහානි සිදුවී ඇති බව දක්නට තිබූ අතර ඔවුන් පවසන්නේ ඒ මොහොතේ විශාල ශබ්දයක් ඇසුණ පසුව ඇවිත් බලන විට සියල්ල දුමාරයකින් වැසීගොස් තිබුණ බවයි.IMG_3150 IMG_3154 IMG_3156 IMG_3159 IMG_3160

 

Save